නෙදන්යාහු පරද්දන්න විපක්ෂය පෙළ ගැසෙයි

ඊශ්රායල මහ මැතිවරණය ලබන 27 වැනිදා පැවැත්වෙන අතර, දිගටම බලයේ රැඳී සිටීමේ අපේක්ෂාවෙන්, වත්මන් ඊශ්රායල අග්රාමාත්ය බෙන්ජමින් නෙදන්යාහු ඊට ඉදිරිපත් වෙයි.
නෙදන්යාහුට අභියෝග කරමින්, ඔහු පරාජය කිරීමට ඊශ්රායලයේ ප්රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම් සන්ධානගත වී සිටින බවත්,
ප්රධාන විපක්ෂ නායකයන් පස්දෙනකු එක්ව නායකත්ව අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තබා ඇත.
මෙම සාකච්ඡා පැවැත්වූයේ ඊශ්රායල දේශපාලනයේ විපක්ෂ නායක ධුරය හොබවන යාර් ලුපිඩ්ගේ නිවසේදීය. නායකත්ව අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණේ ද ටෙල් අවීව් නුවර ලුපිඩ්ගේ නිවසේ පැවැති එම සාකච්ඡාවේදීය.
යාර් ලුපිඩ් ට අමතරව, ‘බෙයාචාඩ්’ පක්ෂයේ නායක සහ හිටපු අග්රාමාත්යවරයකු ද වන නෆ්තාලි බෙනට්, ‘යාෂාර්’ පක්ෂයේ නායක සහ හිටපු හමුදාපති ගාඩි අයිසන්කොට්, ‘ප්රජාතන්ත්රවාදී’ පක්ෂයේ නායක යාර් ගෝලාන් සහ ‘ඊශ්රායල් බෙයිතෙයිනු’ පක්ෂයේ නායක අවිග්දෝර් ලිබර්මාන් යන නායකයෝ එක්ව සිටියහ.
පැය ගණනාවක් තිස්සේ පැවැති දීර්ඝ සාකච්ඡාවෙන් පසුව විපක්ෂ නායකයන් මාධ්ය හමුවේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, තමන් අතර මතවාදී වෙනස්කම් පැවතිය ද, රට නැවත ගොඩනැගීම උදෙසා ප්රජාතන්ත්රවාදී සහ රාජ්යතාන්ත්රික ආණ්ඩුවක් පිහිටුවීම සියලු දෙනාගේම එකම පොදු අරමුණ බවය. ජීවන වියදම ඉහළ යෑම මුල්කොට ගනිමින්, ප්රංශය පුරා පැවැත්වෙන විරෝධතා සම්බන්ධයෙන් ඊශ්රායල අග්රාමාත්ය බෙන්ජමින් නෙදන්යාහු අදහස් පළ කර ඇත.
ඊශ්රායල අග්රාමාත්යවරයා ප්රංශය සම්බන්ධයෙන් මෙසේ සිය අදහස් පළ කළේ, රූපවාහිනී සම්මුණ සාකච්ඡාවකට එක් වෙමිනි.
විරෝධතා පසුපස සිටින තරුණ තරුණියන් වැඩිදෙනා මුස්ලිම් සම්භවයක් ඇති අය බවත්, එයින් ද බොහෝ දෙනා ප්රංශයට සංක්රමණය වූවන් බවත් පැවැසෙයි.
ඊශ්රායල අග්රාමාත්ය වරයා පවසා ඇත්තේ ප්රංශය, ‘අන්තවාදී ඉස්ලාම් ආක්රමණයක’ ගොදුරක් වී ඇති බවය. ප්රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ප්රමුඛ රජයේ ලිහිල් ප්රතිපත්ති හේතුවෙන්, මුස්ලිම් අන්තවාදීන් ප්රංශයට රිංගා ප්රංශය විනාශ කරන බවට ඊශ්රායල අග්රාමාත්ය බෙන්ජමින් නෙදන්යාහු චෝදනා නගා ඇත.
2023 ඔක්තෝබර් 7 වැනිදා ඊශ්රායලයට එල්ල වුණු හමාස් ත්රස්ත ප්රහාරයෙන් පසු, ඊශ්රායලය දිගින් දිගටම ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් පහර දෙද්දී ප්රංශය ඒ ගැන අප්රසාදය පළ කළ අවස්ථාවේදී, තමන් ප්රංශ ජනාධිපති ඉමානුවෙල් මැක්රොන්ට ප්රංශයේ ඉස්ලාමීය අන්තවාදීන් ගැන අනතුරු ඇඟවූ බව නෙදන්යාහු එම රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවේදී අවධාරණය කළේය.
මේ අතර, වොෂින්ටනයේදී මාධ්ය හමුවේ අදහස් දක්වමින් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ද පවසා ඇත්තේ ප්රංශයේ වර්තමාන තත්ත්වයට ප්රධානතම හේතුව පාලනයකින් තොරව සිදුවන ආගමන විගමන ක්රියාවලිය බවය. ප්රංශයේ සහ සමස්ත යුරෝපයේ සීමා මායිම් වහාම වසා දමා ආරක්ෂාව තර කළ යුතු යැයි තමන්, ප්රංශ ජනාධිපති මැක්රොන්ට උපදෙස් දුන් බව ද ට්රම්ප් වැඩිදුරටත් පවසා ඇත.

