ඊශ්‍රායල ප්‍රහාර මැද ලෙබනන් අගමැති සටන් විරාමයක් ඉල්ලයි



දිගින් දිගටම ලෙනබනනයට පහර දීම නවත්වා සටන් විරාමයකට අවස්ථාව උදා කර දෙන්නැයි ලෙබනන අන්තර්වාර අග්‍රාමාත්‍ය ඊශ්‍රායලයෙන් ඉල්ලීමක් කර ඇත. කෙසේ නමුත් ඊශ්‍රායලය ඊට කන් දීමක් කර නැතැයි විදෙස් මාධය පවසයි.

ලෙබනන් අන්තර්වාර අග්‍රාමාත්‍ය නජීබ් මිකාටී, එරට හිස්බුල්ලා සංවිධානය සහ ඊශ්‍රායලය අතරේ සටන් විරාමයක් අවශ්‍ය බව පෙන්වා දී ඇත්තේ ප්‍රංශ විදේශ ඇමැති ජෝන් නොඑල් බැරියොත් හමුවී සාකච්ඡා පැවැත්වීමෙන් ද පසුවය.

ඊශ්‍රායල හමුදාව ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දීම, සිවිල් වැසියන් මියයෑම සම්බන්ධයෙන් ප්‍රංශ රජය මෙන්ම ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ද සිය කනස්සල්ල පළ කර ඇත.

ඊශ්‍රායල හමුදාව ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දීම ආරම්භ කිරීමෙන් පසු ලෙබනනයට පැමිණි පළමු විදෙස් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියා වන්නේ ප්‍රංශ විදේශ ඇමැති ජෝන් නොඑල් බැරියොත් යැයි පැවැසෙයි.

 (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS