ඉරාන නායකත්වය එක්ක සාම ගිවිසුම් බෑ

ඉරානයේ ඉස්ලාමීය නායකත්වය සමග, සමාකතා අසීරු යැයි ඉන්දියාවේ නිල සංචාරයක නියැළෙන ඇමෙරිකන් රාජ්ය ලේකම් මාර්කෝ රූබියෝ පවසයි.
ඇමෙරිකන් රාජ්ය ලේකම්, මෛස් පැවැසුවේ, ඇමෙරිකන් ඉරාන අර්බුදය සම්බන්ධයෙන්, මාධ්ය හමුවේ අදහස් පළ කරමිනි.
‘ඉරානයේ දැඩිමතධාරී ෂියා ආගමික නායකත්වය එක්ක සාකච්ඡා කරන්න අමාරුයි. ඔවුන් නම්යශීලී නැහැ. සාකච්ඡා කරමින් ගැටලු විසඳා ගැනීමට ඔවුන්ගේ වැඩි උනන්දුවක් නැහැ. ඊට හේතුව ඔවුන්ගේ ආගමික විශ්වාසයන්. ඔවුන් මෙහෙයවීම සිදු කරන්නේ ඒ ආගමික විශ්වාසයන්.’ යැයි රූබියෝ එම සම්මුඛ සාකච්ඡාවේදී වැඩිදුරටත් පැහැදිලි කළේය.

