’ඔලැක් ස්ටීල්’ ස්වර්ණ සම්මානයෙන් පිදුම් ලබයි



“රටට පණ දෙන කර්මාන්ත පුනරුදයකට” තේමා කර ගනිමින් කර්මාන්ත ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් ඇගයෙන ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල 'වොටර්ස් ඒජ්' හෝටලයේ දී පැවැත්වුණු අතර, එහිදී 'ඔලැක් ස්ටීල් ෆර්නිචර්' ආයතනය ස්වර්ණ සම්මානයෙන් පිදුම් ලැබීය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ සහ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති දේශීය කර්මාන්තකරුවන් දිරි ගැන්වීමේ ප්‍රදර්ශනයට, 'ඔලැක් ස්ටීල් ෆර්නිචර්' ආයතනය ඉදිරිපත් කළ නිපැයුම් සඳහා ස්වර්ණ සම්මානය නිර්දේශ වී තිබුණු අතර, 'වොටර්ස් ඒජ්' හිදී පැවැති ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙලේ දී එම සම්මානය 'ඔලැක් ස්ටීල් ෆර්නිචර්' අධිපති ලයනල් ක්‍රිෂාන්ත මහතාට පිරිනැමීම සිදුවූයේ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා අතිනි.


RECOMMEND POSTS