හඬ: දත්ත නිදහසේ ලබාදෙන Airtel Freedom



කොරෝනා වසංගතයත් සමඟ සන්නිවේදනයේ නිම්වළලු‍ පුළුල් විය. සන්නිවේදනයේ වෙනස්ම අත්දැකීම් ලබන්නට මේ නිසා කිසිදු බේදයකින් තොරව සැමටම සිදුවිය.

හුදු දුරකථන ඇමතුමකින් ඔබ්බට ගොස් මාර්ගගත ක්‍රමය ඔස්සේ කාර්යාලයීය වැඩ කටයුතු කිරීම, අධ්‍යාපනය ලබාදීම සහ ලැබීම, සාකච්ඡා, සම්මන්ත්‍රණ යනාදිය පැවැත්වීම යනාදියෙන් එය හොඳින්ම තහවුරු කරගත හැකිය.

එහෙත් මේ සියල්ල සාර්ථකව කර ගැනීමට ඩේටා පහසුකම් අත්‍යවශ්‍ය සාධකය වුවත් බොහෝ දෙනාට ඒ වෙනුවෙන් වැඩි වියදමක් දරන්නට සිදුවීම, සංඥා පහසුකම් නොමැතිවීම යනාදිය හේතුවෙන් දැඩි දුෂ්කරතාවලට මුහුණ දෙන්නට සිදුවිය.

අන්තර්ජාල පහසුකම් හා ජංගම දුරකථන සබඳතා වෙනුවෙන් මෙලෙස විශාල පිරිවැයක් දරන්නට වීම හේතුවෙන් එක්තරා ආකාරයකට මානසික පීඩනයක් ගෙනදෙන සාධකයක් බවට ද පත්ව තිබුණි.

දිනකට recharge කිරීම් මිලියන තුනකට ආසන්න සංඛ්‍යාවක් භාවිතාවන බව සමීක්ෂණ මගින් අනාවරණය වීමෙන්ම මේ කාරණයේ බරපතළකම වටහා ගන්නට පුළුවන. අන්තර්ජාලය භාවිතා කරන්නන්ගේ සංඛ්‍යාව වැඩිවීම සහ රීචාජ් කිරීමේ වාර ගණන වැඩිවීමත් සමඟ රීචාජ් කාඩ්පත් අලෙවිය ද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. ඒ වගේම විවිධ පැකේජ, විවිධ වටිනාකම්වලින්, විවිධ නාමවලින් වෙළෙඳපොළට පැමිණ තිබේ.

මේ සියලු‍ කරුණු කාරණා සැලකිල්ලට ගනිමින් හා දිනෙන් දින උග්‍රවන රීලෝඩ් උගුලෙන් පාරිභෝගිකයන් මුදාගැනීම අරමුණුකර ගනිමින් එයාර්ටෙල් සමාගම 4G Freedom Packs නමින් සුවිශේෂී හඳුන්වාදීමක් කර ඇත්තේ සන්නිවේදන ක්ෂේත්‍රයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමිනි. මෙම නව හඳුන්වාදීමත් සමග පාරිභෝගිකයන්ට කිසිදු බිඳවැටීමකින්, බාධාවකින් තොරව කොන්දේසි විරහිතව මාසයක් පුරාවට ප්‍රමාණවත් මෙන්ම අමතර ඩේටා පහසුකම් සහ ඇමතුම් ප්‍රතිලාභ ලබාන්නට පුළුවන.

එයාර්ටෙල් නව පැකේජය දරුවන්ට මෙන්ම ගුරුවරුන්ටත් අතිශය වාසිදායකය. දරුවන්ට පැවරුම් යැවීමේදී Zoom ඔස්සේ ඉගැන්වීම් කටයුතු කිරීමේදී ඩේටා වැයවීම අධිකය. ඇතැම්විට ඉගැන්වීම් කෙරෙන අතරතුර ඩේටා අවසන් වී බොහෝ දුෂ්කරතාවලට පත්වන්නට දරුවන්ට මෙන්ම ගුරුවරුන්ටත් සිදුවිය හැකිය.

එසේ නොවේනම් වේගය අඩුවී විවිධ දුෂ්කරතා මතුවිය හැකිය. සාමාන්‍ය ඇමතුමක් ලබාගැනීම පවා ගැටලු‍වක් වන තරමටම මුදල් අවසන් වීම ඇතිකරන්නේ දැඩි අපහසුතාවකි. එහෙත් එයාර්ටෙල් හඳුන්වා දී ඇති වාසිදායක ලාබදායක පැකේජ නිසා පාරිභෝගිකයන්ට අධිවේගී අන්තර්ජාල පහසුකම් අපහසුවකින් තොරව අත්විඳීමේ අවස්ථාව උදාවී තිබේ.

එයාර්ටෙල් ෆ්‍රීඩම් පැක් 4G Freedom Packs  සම්බන්ධයෙන් සිය අත්දැකීම පැහැදිලි කළ පෞද්ගලික ආයතනයක සේවය කරන ඩී.ජී.එම්. කුමරසිරි මහතා පැවසුවේ මෙවැන්නකි.

''කොරෝනා වසංගතයත් සමඟ අපට නිවසේ සිට සේවය කරන්න වුණා. මුල් කාලයේ විවිධ ගැටලු‍ මතු වූ නිසා දුරකථන සම්බන්ධතා කීපයක් ගෙන රාජකාරි කටයුතු කරන්න උත්සාහ කළා. බොහෝ වෙලාවට සිග්නල් ප්‍රශ්න ආවා. එක දිගට වැඩ කරගෙන යන්න බැහැ. සාමාන්‍ය ඩේටා කාඩ් එකක් දැම්මාම පැය දෙකෙන් තුනෙන් ඒක අවසන් වෙනවා. සමහර වෙලාවට ඩේටා ලිමිට් කරනවා.  ඒ දවස්වල අන්තර්ජාලය තිත්ත වෙලා සිටියා. පසුව එයාර්ටෙල් අලු‍ත් පැකේජ් එක ගැන දැනගෙන එයටත් මාරුවී බැලු‍වා. දැන් මුලින් වගේ කිසි ප්‍රශ්නයක් නැතුව අන්තර්ජාලය භාවිතයෙන් කාර්යාලයේ වැඩ කටයුතු ඉතා පහසුවෙන් කරගෙන යනවා. ඇත්තටම මනසට හරිම නිදහසක් දැන් දැනෙනවා.''

එයාර්ටෙල්හි මෙම නවතම පැකේජය පාරිභෝගික අවශ්‍යතා මැනවින් අධ්‍යයනය කර ඊට ගැළපෙන ආකාරයට හඳුන්වා දී තිබේ. නිවසේ සිට වැඩ කිරීම, මාර්ගගත ක්‍රමයට අධ්‍යාපනය ලැබීම, සමාජ මාධ්‍ය භාවිතයට ආදී ඕනෑම අන්තර්ජාල අවශ්‍යතාවකදී අධිවේගී දෛනික ඩේටා ලබාදීම  Freedom Packs  හි සුවිශේෂී ලක්ෂණයකි.

එයාර්ටෙල්  Freedom Packs  තිබෙන සුවිශේෂී ලක්ෂණයක් වන්නේ මෙම පැකේජ ඔස්සේ ලබාදී ඇති නියමිත කාලය ඉක්මවා වෙනත් ජාලවලට ලබාගන්නා ඇමතුම් සඳහා සියයට 66කින් පමණ බදු අඩුකර තිබීමය. එමෙන්ම එයාර්ටෙල් විසින් හඳුන්වා දෙනු ලැබ ඇති සුවිශේෂී ඩේටා පැකේජයේ පවතින ඩේටා භාවිතය ඉක්මවා අමතර ඩේටා යම් කෙනකු බලාපොරොත්තු වන්නේ නම් ආකර්ෂණීය මිලකට ඩේටා top up කාඩ්පත් ද හඳුන්වා තිබීම නිසා කිසිදු අපහසුවකින් තොරව පාරිභෝගිකයන්ට තම අන්තර්ජාල අවශ්‍යතා සපුරාගන්නට පුළුවන. එසේම භාවිත නොකළ ඩේටා ඊළඟ බිල්පත් දක්වා ගෙනයාමේ පහසුකම් පසු ගෙවුම් පාරිභෝගිකයන්ට ලංකාවේ ප්‍රථම වරට හඳුන්වා දී ඇත්තේ එයාර්ටෙල්ය.

දැනට පවත්නා ආර්ථීක ගැටලු‍ සැලකිල්ලට ගනිමින් පාරිභෝගිකයන්ට සුවිශේෂී වාසි ලබාදෙන අලු‍ත්ම පෙර ගෙවුම් Weekly pack එකක් හඳුන්වා දීමට ද එයාර්ටෙල් කටයුතු කර තිබේ. ඒ යටතේ රුපියල් 179, 118, 59, 999, 599, 399, 199, 98, 58 යනාදී වශයෙන් ඇමතුම් සහ ඩේටා පහසුකම් ඉතා පහසුවෙන් කාණ්ඩ කීපයක් යටතේ පාරිභෝගිකයන්ට ලබාදීමට කටයුතු කර තිබේ. මේ පැකේජ මගින් එයාර්ටෙල් හඳුන්වා දී ඇති අනෙක් පැකේජවලදී මෙන් සුවිශේෂී ප්‍රතිලාභ ලබන්නට පුළුවන.

පෞද්ගලික ආයතනයක සේවය කරන විශ්ව ජී. ගමගේ මෙම නව හඳුන්වාදීමට මාරුවී එහි අත්දැකීම් ලබන කෙනෙකි. මේ ඔහුගේ කතාවය.

''එකවර මාසයකට වැඩි මුදලක් වැය කරන්න හැකියාවක් නැති කෙනකුට රුපියල් 179 කට එයාර්ටෙල් හඳුන්වා දී තිබෙන වීක්ලි පැකේජය අතිශයින්ම වාසි සහගතයි. මේ මගින් අනෙක් පැකේජවලින් ලබාදෙන වාසි සියල්ලම ලබාගන්න පුළුවන්. 4G තාක්ෂණය අනුව ක්‍රියාත්මක මේ පැකේජයෙන් දිනකට GB එක බැගින් සතියකට 7GB ක් ලබාදෙනවා. සමාජ මාධ්‍ය සතියක් පුරා අසීමිතව පාවිච්චි කිරීමේ සුවිශේෂී ප්‍රතිලාභයත් මෙයට අයත්. ඊට අමතරව අනෙක් ජාලවලට ඇමතුම් ගැනීමට විනාඩි 75 ක් හිමිවීම අතිශයින්ම වාසි සහගතයි. සතියකට රුපියල් 179 ක් වියදම් කළාම මේ සියලු‍ ප්‍රතිලාභ සතිය පුරාම පහසුවෙන් ලබන්න පුළුවන්. ඇත්තටම සෑහෙන ඉතිරියක්.''

මාර්ගගත ක්‍රමය ඔස්සේ පෞද්ගලික සරසවියක සිය උපාධි පාඨමාලාව හදාරන සිසුවකු වන මලිත් නිමේෂ් කීවේ මෙවන් කතාවකි.

''කොරෝනා වසංගතයත්  සමඟ අපට මාර්ගගත ක්‍රමයට අධ්‍යාපනය ලබන්න සිදුවුණා. ඒත් අන්තර්ජාල පහසුකම් ලබාගැනීමේ අධික පිරිවැයක් දරන්න සිදුවුණා. ඒ වගේම දේශන අතරතුර සංඥා ප්‍රශ්න නිසා සම්බන්ධතාව බිඳවැටීම, කඩින් කඩ විවිධ ශබ්ද හා ගැටලු‍ මතුවීම ආදිය නිසා බොහෝ දුෂ්කරතාවලට මුහුණ දෙන්න සිදුවුණා. පසුව යහළුවන් කීපදෙනකුගෙන් දැනගත් ආකාරයට එයාර්ටෙල් මාසෙටම රුපියල් 599 Freedom Packs  එකට මාරුවුණා. ඒ නිසා මට දැන් වියදම් වෙන්නේ මාසෙටම රුපියල් 599 ක් පමණයි. මාසෙට GB 30 ක් 4G ඩේටා ඕන වෙලාවක ලැබෙනවා. ඒ වගේම සමාජ මාධ්‍ය සීමා රහිතව අත්විඳින්නත් සීමා රහිතව ඇමතුම් ලබාගන්නත් පුළුවන්. එයාර්ටෙල් 599  Freedom පැකේජය නිසා කැමැති ආකාරයට අන්තර්ජාලය භාවිත කිරීමේ පහසුව ලැබුණා.''


RECOMMEND POSTS