ස්වර්ණාභරණ ලොවේ ස්වර්ණමය නාමය



අතේ ඇති මුදලට, කැරට් 22 රන් ආභරණ මිලදී ගැනීමට නම්, ඔබ තෝරාගත යුතු පළපුරුදු විශ්වාසවන්ත සන්නාමය පී.එල්.එම්.ටී.ටී. මුතුකරුප්පන් චෙට්ටියාර් ජුවලර්ස් බව අමුතුවෙන් කිව යුතු නැත. ස්වර්ණාභරණ වෙළඳාමේ වසර දෙසීයක පළපුරුද්ද ඇති පී.එල්.එම්.ටී.ටී. මුතුකරුප්පන් චෙට්ටියාර් ජුවලර්ස්, ගනුදෙනුකරුවන් ට තම සේවාව සපයන්නේ, ගනුදෙනුකරුවන්ගේ සමාජ තරාතිරම නොබලමිනි. පී.එල්.එම්.ටී.ටී. මුතුකරුප්පන් චෙට්ටියාර් සාර්ථකත්වය එයයි.

2015 වසරේ, කොළඹ 11 සී වීදියේ, වෙළෙඳසැල ආරම්භ කරමින්, පී.එල්.එම්.ටී.ටී. මුතුකරුප්පන් චෙට්ටියාර් ජුවලර්ස් ආ ගමන සැබැවින්ම සුවිශේෂී එකකි. එය ලාභ ඉ​පැයීමක් නොව, ගනුදෙනුකරුවන් ඉපැයීමකි.  එම සාර්ථක දිගු ගමනේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, පී.එල්.එම්.ටී.ටී. මුතුකරුප්පන් චෙට්ටියාර් ජුවලර්ස් නවතම ශාඛාව, පසුගිය දෙසැම්බර් 21 වැනිදා මහනුවරදී විවෘත විය.

චෙට්ටියාර් පරම්පරාවේ ආරම්භය, යටත් විජිත යුගයේ, 1920 වසර තෙක් ඈතට දිවයයි. චෙට්ටියාර් පරම්පරාවේ මුතුන් මිත්තෝ, දකුණු ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට පැමිණි වෙළෙන්දෝය. ස්වර්ණාභරණ පමණක් නොව, ඇඳුම් පැළඳුම් ක්ෂේත්‍රයේත් බැංකුකරණයේත් ප්‍රවීණයෝය. පුරෝගාමියෝය. සමුපකාර සමිති සංකල්පය ආරම්භ කළේ චෙට්ටියාර්වරුන්ය. අතීතයේ, ‘සුපර්මාකට් යුගයට’ පෙර, අතීතයේ, සලාක ක්‍රමයට භාණ්ඩ ලබා දීම සිදුවූයේ මෙම සමුපකාර වෙළෙඳසල්වලිනි.

අද එම අද්වීතීය උරුමය ඉදිරියට ගෙන යන්නේ, චෙට්ටියාර්වරුන් තෙවැනි පරම්පරාවය. නිරන්තරයෙන් තම නිෂ්පාදනවල ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම සිදුවන්නේ, ගනුදෙනුකරුවන්ට හොඳම සේවය ලබා දීමටය. මනා පුහුණුව ලත් කාර්ය මණ්ඩලයක් ඔවුන් සතුය. 2017 දී මීගමුව ශාඛාව විවෘත කිරීමෙන් පසු, ප්‍රධාන නගරවල ශාඛා විවෘත කිරීමේ සිහිනය සෙමින් සෙමින් ඵල දරන්න විය.

ආරම්භයේ දී විශාල වෙළෙඳසැලක් විවෘත කිරීමට කළමනාකරණයට සුදුසු ස්ථානයක් සොයා ගැනීම ගැටලුවක් වූ බැවින්, වැල්ලවත්ත ප්‍රදේශයේ කඩ සාප්පුවක් ආරම්භ කෙරුණේ ‘මාධවී’ ජුවලර්ස් යන නමිනි. එසේ වුවත්, ලැබූ සාර්ථකත්වයෙන් පසු අදවනවිට අලුතින් විවෘත වන සෑම ස්වර්ණාභරණ වෙළෙඳ ශාඛාවක්ම, මහල් තුනකින් සමන්විතය. නවීන ගෘහ භාණ්ඩවලින් සමන්විතය. 

මුතුකරුප්පන් චෙට්ටියාර් සාර්ථකත්වය රැඳී ඇත්තේ ඔවුන් කිසිවිටෙක තම ස්වර්ණාභරණවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් සම්මුතියක් ඇති කර නොගැනීමය යැයි කීවොත් එය නිවැරදිය. ඕනෑම රන් ආභරණ මිලදී ගැනීමක් විශ්වාසය මත පදනම් වෙයි. එහෙත්, මුතුකරුප්පන් චෙට්ටියාර් තුළ ඇත්තේ විශ්වාසය පමණක් නොවෙයි, මැණික් සංස්ථාවේ ගල් අඟුරු පරීක්ෂා කරන යන්ත්‍රයට සමාන යන්ත්‍රයක් භාවිත කරමින් සෑම ආභරණ කැබැල්ලක්ම සියුම්ව පරීක්ෂා කෙරෙන්නේ, ඒ විශ්වාසය තහවුරු කරමිණි.

බොහෝ ස්වර්ණාභරණ වෙළඳුන් මිල අඩු කර ගැනීම සඳහා රත්‍රන් මිශ්‍ර කරන නමුත් මුතුකරුප්පන් චෙට්ටියාර්, කිසිවිටෙක එහි ස්වර්ණාභරණවල ගුණාත්මක භාවයට හානියක් සිදු කරන්නේ නැත. ඒ විශ්වාසය කිසි දිනෙක වෙනස් නොවෙයි.  මුතුකරුප්පන් චෙට්ටියාර් ජුවලර්ස් ස්වර්ණාභරණ සැලකට පය තබන සැමට හිමිවන ආගන්තුක සත්කාරය විශිෂ්ටය. එම ආගන්තුක සත්කාරය, නැවත නැවතත් ඒ පාරිබෝගිකයා ගෙන්වා ගැනීමට ඉවහල් වෙයි. පාරිබෝගිකයා දිරි ගන්වයි. පරම්පරාගත ගනුදෙනුකරුවන් මුතුකරුප්පන් චෙට්ටියාර් ජුවලර්ස් සමඟ අත්වැල් බැඳගෙන සිටින්නේ ද එබැවිනි. මුතුකරුප්පන් චෙට්ටියාර් ජුවලර්ස් ප්‍රමුඛ පෙළේ හෝටල් කිහිපයක් සමඟ එක්ව මනාල යුවළ සඳහා මධුසමය පැකේජයක් ද හඳුන්වා දී ඇත.

මුතුකරුප්පන් චෙට්ටියාර්, ඔවුන්ගේ රන් ආභරණවල පියවි ඇසට නොපෙනෙන වෙළඳ ලකුණක් යොදයි. එහෙයින්, වසර 100 කට පසුව වුව ද එම ස්වර්ණාභරණ කට්ටලය පහසුවෙන් හඳුනාගත හැකිය.මුතුකරුප්පන් චෙට්ටියාර් උපාධි අපේක්ෂකයින් සේවයේ යොදවන එකම ව්‍යාපාරික ආයතනය ද වෙයි. මහනුවර අලෙවිසැලේ අලෙවි කාර්ය මණ්ඩලය 20 ක් පමණ මුල්‍ය හා කළමනාකරණ උපාධි අපේක්ෂකයන්ය. ඔවුන් සාමාන්‍ය සහ පළපුරුදු විකුණුම්කරුවන් අතර පහසුවෙන් වෙන්කර හඳුනාගත හැකිය. කාර්ය මණ්ඩලය සාමාජික සාමාජිකාවන් අලුත් සිතුම් පැතුම්වලින් පිරුණු පිරිසකි. කළමනාකාරිත්වය ඔවුන්ගේ උරුමය ඉදිරියට ගෙන යන්නේ අලුත් පරම්පරාව සමඟ ඔවුන්ගේ අදහස් විමසමිනි. මුතුකරුප්පන් චෙට්ටියාර් ජුවලර්ස් අඛණ්ඩව දිදුලන්නේ, මේ කරුණු කාරණා නිසාය.


RECOMMEND POSTS