විදෙස් බැංකු 3 ක් ඉරානයේ

විදෙස් බැංකු තුනක් ඉරානයේ තම ශාඛා විවෘත කිරීමට සූදානමින් සිටින බව ඉරාන පුවත් සේවා වාර්තා කරයි.
ඉරාන පුවත් සේවා මේ බව වාර්තා කළේ එරට මහ බැංකුව නිකුත් කළ ප්‍රකාශයක් උපුටා දක්වමිනි. ඉරාන මහ බැංකුව පවසා ඇත්තේ ඕමානයේ, දකුණු කොරියාවේ සහ ඉන්දියාවේ බැංකු ඔවුන්ගේ ශාඛා පිහිටුවීමට තීරණය කර ඇති බවය.
එය ඉරාන ආර්ථිකය ශක්තිමත් කිරීමට ද සාධකයක් වනු ඇතැයි ඉරාන මහ බැංගුවේ නියෝජ්‍ය අධිපති පයිමාන් ගොර්බානී පවසා තිබේ.
(ප්‍රෙස් ටීවී)