ලංකාවට එම්.සී.සී. බිලියන 89 අහිමි වෙයි



ශ්‍රී ලංකාවට ලබාදීම සඳහා යෝජනා වී තිබුණු රුපියල් බිලියන 89ක මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (එම්.සී.සී.) සංවර්ධන ආධාර ප්‍රදානය නැවැත්වීමට එම්.සී.සී. අධ්‍යක්ෂ මණ්ඩලය ඉකුත් දා තීරණය කර ඇතැයි කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය නිකුත් කරයි.

හවුල්කාර රටේ (ශ්‍රී ලංකාවේ) සම්බන්ධ වීම අඩු වීම හේතු කරගෙන එම තීරණය ගත් බව ද එම්.සී.සී. අධ්‍යක්ෂ මණ්ඩලය සඳහන් කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාව සඳහා අනුමත වී තිබූ එම රුපියල් බිලියන 89ක මුදල, තමන්ගේ සංවර්ධන ප්‍රමුඛතා හඹා යෑමට, දුගී බව අඩු කරගැනීමට සහ තම ආර්ථික වර්ධනය කරගැනීමට මුදල් ප්‍රදාන අවශ්‍ය කර තිබෙන සුදුසුකම් සහිත වෙනත් රටකට ලබාගැනීමට හැකි යැයි එම්.සී.සී. අධ්‍යක්ෂ මණ්ඩලය පවසා ඇත.


RECOMMEND POSTS