රටපුරා ඩිජිටල් ගෙවීම් ඉහළ නංවන මහ බැංකුවේ LANKAQR ව්‍යාප්ති වැඩසටහනට NDB ද හවුල් වෙයි



CAPTION: ප්‍රධාන ආරාධිත අමුත්තා - ක්‍රීඩා අමාත්‍ය සහ රාජ්‍ය අමාත්‍ය ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන ගරු නාමල් රාජපක්ෂල මහ බැංකු අධිපති අජිත් නිර්වාඩ් කබ්රාල් මහතාNDB බැංකුවේ අධ්‍යක්ෂ/සමූහ ප්‍රධාන විධායක නිලධාරි දිමන්ත සෙනෙවිරත්න මහතාසහ Glomark ප්‍රධාන විධායක නිලධාරී ඇන්ඩෲ ඩල්බි මහතා සමාරම්භක උත්සවයේදී.

 

ඩිජිටල් බැංකුකරණ ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින NDB බැංකුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දියත් කරන ලද LANKAQR රටපුරා ව්‍යාප්ත කිරීමේ වැඩසටහනට සහය දැක්වීමට ඉදිරිපත් වී ඇත. ඒ අනුව, NDB බැංකුව LANKAQR රටපුරා ව්‍යාප්ත කිරීම සඳහාද හවුල් වී ඇත. මෙය  මුදල් භාවිතය වෙනුවට ඩිජිටල් ගෙවීම් පිළිබඳ දැනුවත් භාවය වර්ධනය කරන සහ භාවිතය දිරිමත් කරන වැඩසටහනකි.

 

ප්‍රධාන ආරාධිත අමුත්තා වන ක්‍රීඩා අමාත්‍ය සහ රාජ්‍ය අමාත්‍ය ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන ගරු නාමල් රාජපක්ෂ මැතිතුමාගේත්, මහ බැංකු අධිපති අජිත් නිර්වාඩ් කබ්රාල්, නියෝජ්‍ය අධිපති වයි.පී. ප්‍රනාන්දු මහත්මිය, ගෙවීම් සහ පියවීම් අධ්‍යක්ෂ ඩී. කුමාරතුංග, සහ NDB බැංකුවේ අධ්‍යක්ෂ/සමූහ ප්‍රධාන විධායක නිලධාරී දිමන්ත සෙනෙවිරත්න යනාදීන්ගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.

 

මෙම වැඩසටහනේ කොටසක් ලෙස QR පදනම් කරගත් ගනුදෙනු භාවිතා කරමින් මුදල් රහිත සහ ඩිජිටල් ලෙස සවිබල ගැන්වූ සමාජයක් කරා ගමන් කිරීමට සියලුම ශ්‍රී ලාංකිකයන් දිරිමත් කරනු ලබන අතර ශ්‍රී ලංකාව තුළ මූල්‍ය ඇතුළත්කරණය ද වැඩි කරනු ඇත. පසුගියදා මාතලේ දී උත්කර්ෂවත් අවස්ථාවකදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සංවර්ධනය කරන ලද LankaQR ඒකාබද්ධ ගෙවීම් පද්ධතිය ශ්‍රී ලංකාවේ සෑම නගරයකටම මෙය රැගෙන යාමේ ප්‍රයත්නය ආරම්භ කෙරිණි.

 

බැංකුවේ QR ගෙවීම් ක්‍රමය වන NEOS Pay හරහා මහ බැංකුවේ LankaQR ගෙවීම් ක්‍රමය ප්‍රවර්ධනය කිරීමට බැංකුව ප්‍රධානත්වය ගෙන තිබේ. පාරිභෝගිකයින්ට NEOS වේදිකාව හරහා වෙළෙන්දන්ට ගෙවීම් කිරීමට, බිල්පත් ගෙවීමට සහ වෙනත් ගනුදෙනු රාශියක් සිදු කිරීමට හැකිය.

 

NEOS Pay LankaClear JustPay සේවාවට සම්බන්ධ කර ඇති බැවින්, පාරිභෝගිකයින්ට NEOS Pay සඳහා ලියාපදිංචි වීමට ඔවුන්ගේ NDB . ගිණුම හෝ වෙනත් බැංකු ගිණුම් විස්තර භාවිතා කළ හැක. ලියාපදිංචි වීමෙන් පසු පාරිභෝගිකයින්ට පහසුවෙන් සිල්ලර ගෙවීම් මෙන්ම බිල්පත් පියවීමට QR ගෙවීමේ පහසුකම ලබා ගත හැක. ගනුදෙනුකරුවන්ට JustPay පද්ධතියට සම්බන්ධ වෙනත් ඕනෑම බැංකුවක ගිණුම් NEOS Pay වෙත එක් කළ හැක.

 

NDB බැංකුව පසුගිය කාලය තුළ බැංකුකරණයේ සමස්ත ඩිජිටල්කරණ වැඩසටහන් සමඟ ශ්‍රී ලංකාවේ ඩිජිටල් විප්ලවයේ පුරෝගාමියකු බවට පත්ව සිටියි. NDB බැංකුව මෙරටට ප්‍රථම වරට හඳුන්වා දුන් සේවා රැසක් අතරට එක්වන NEOSBIZ ඇප් එක කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා ඔවුන්ගේ ව්‍යාපාර ගනුදෙනු කළමනාකරණය කිරීම සඳහා විශේෂිත වූ සුවිශේෂී ව්‍යාපාරික බැංකු සේවාවකි. බැංකුව සිය ඩිජිටල් පරිණාමයේ දී මෙරට ප්‍රථම වරට එක් කරන ලද විශේෂාංග අතරට එක්වූ තවත් අංගයක් වූයේ නවතම වීඩියෝ KYC (vKYC) පදනම් කරගත්  ගිණුම් විවෘත කිරීමේ ක්‍රියාවලියයි.  මෙමඟින් ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් (AI) තාක්ෂණය උපයෝගී කරගනිමින් පාරිභෝගිකයින්ට ශාඛාවකට නොගොස් නිවසේ සිටම තම ආරක්ෂාව හා පහසුව සලසා ගනිමින් NDB ගිණුම්  විවෘත කිරීමට ඉඩ සලසයි. ඊට අමතරව, ණය තොරතුරු කාර්යාංශය (CRIB) සමඟ සම්බන්ධවී ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බවට පත්වෙමින් NDB Neos App එක හරහා තම CRIB වාර්ථා ^iReport& එසැනින් කොතැන සිටියත් ලබාගැනීමේ පහසුවද සලසා ඇත.

 

බැංකුවේ සේවාදායකයින්ට මෙන්ම සියලුම ශ්‍රී ලාංකිකයින්ට නව ක්‍රමවේද නිරන්තරයෙන් හඳුන්වා දෙමින් තරගකාරීත්වයන් මධ්‍යයේ වුවද NDB බැංකුව අඛණ්ඩව ඩිජිටල් බැංකුකරණයේ ඉදිරියෙන්ම රැඳී සිටියේය. ඒ අනුව,  NDB බැංකුව ඒෂියාමනි සඟරාව විසින් 2021 වසරේ සම්මාන උළෙලේදී “හොඳම ඩිජිටල් බැංකුව” ලෙස ද සම්මානයට පාත්‍ර වූයේය. තවද එක්සත් ජනපදයේ Global Finance සඟරාව විසින් 2021 හොඳම බැංකුව ලෙසත්, එක්සත් රාජධානියේ බෑංකර් සඟරාව විසින්  “ශ්‍රී ලංකාවේ වසරේ බැංකුව - 2020” ලෙසත්  NDB බැංකුව නම් කරන ලද NDB යනු ශ්‍රී ලංකාවේ ලැයිස්තුගත කර ඇති 4 වන විශාලතම බැංකුව වන අතර NDB සමූහයේ මව් සමාගම ද වේ. ශ්‍රී ලංකාවේ ඇති එකම මූල්‍ය සේවා සමූහය වන භෘඊ සමූහය සිය සියලුම සමාගම් නිෂ්පාදන හා සේවා පිරිනැමීම් වෙත සිය ගනුදෙනුකරුවන්ට බාධාවකින් තොරව ප්‍රවේශය ලබා දීම තුළින් ශ්‍රී ලංකා ප්‍රාග්ධන වෙළඳපොළේ වර්ධනයට හා සංවර්ධනයට සහාය වන්නකු ලෙස සුවිශේෂී ස්ථානයකට එළැඹ සිටියි.


RECOMMEND POSTS