මූල්‍ය සහාය දැන්ම ලැබෙන්නේ නෑ



ප්‍රමාණවත් සර්ව ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාවට නංවන තුරු ශ්‍රී ලංකාවට නව මූල්‍ය සහාය ලබාදීමට සැලැස්මක් නැතැයි ලෝක බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ආර්ථිකය ස්ථාවර කිරීම සහ වර්ධනය මත පදනම් වූ ප්‍රතිපත්ති සකස් කිරීම සඳහාත් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟත් තවත් සංවර්ධන පාර්ශවකරුවන් සමඟත් සාකච්ඡා කරමින් සිටින බව ද ලෝක බැංකුව පවසයි.

මේ අනුව ප්‍රමාණවත් සාර්ව ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාවට නංවන තුරු ශ්‍රී ලංකාවට නව මූල්‍ය සහාය ලබාදීමට සැලැස්මක් නැතැයි ලෝක බැංකුව කියයි.

කෙටි කාලීන ණය පහසුකමක් හෝ නව ණය පහසුකමක් ලබාදීමට ලෝක බැංකුව සූදානම් වන බවට පළ වන වාර්තා අසත්‍ය බව ද ලෝක බැංකුව සඳහන් කරයි.

අත්‍යවශ්‍ය ඖෂධ ද්‍රව්‍ය, දුප්පත් සහ අවදානම් සහගත පුද්ගලයන්ට මුදල් ලබාදීම, අවදානම් තත්ත්වයේ සිටින පවුල්වල දරුවන්ට පාසල් මඟින් ආහාර වේල් ලබාදීම, ගොවීන්ට සහ කුඩා ව්‍යාපාරවලට සහාය දීම සඳහා අනුමත වූ ව්‍යාපෘතිවල මුදල් යොමු කරමින් ශ්‍රී ලංකා රජයට සහාය පළ කරමින් සිටින බව ද ලෝක බැංකුව සිය නිවේදනය මඟින් තවදුරටත් සඳහන් කරයි.

(හර්ෂණ තුෂාර සිල්වා)


RECOMMEND POSTS