බොරතෙල් මිල ගණන් නැවත වරක් ඉහළට



රුසියානු-යුක්රේන අර්බුදය තවදුරටත් උත්සන්න වීමත් රුසියානු තෙල් මත සම්බාධක පැණවීමට ඇමෙරිකා එක්සත් ජනපදය තීරණය කිරීමටත් යන කරුණු මුල් කරගනිමින් බොරතෙල් මිල ගණන් නැවත වරක් ඉහළ ගියේ ය.

බොරතෙල් මිල ගණන් ඉහළ යෑමට අමතරව ආසියානු කොටස් වෙළෙඳපොළවලද යම් අවිනිශ්චිත තත්ත්වයක් නිර්මාණය වී තිබිණි.

කෙසේ නමුත් යුරෝපයේ කොටස් වෙළෙඳපොළවල් තරමක ශක්තිමත් භාවයක් පෙන්නුම් කළ අතර යුරෝපයේ යූරෝ ස්ටොක්ස් 50 (Euro Stoxx 50) සහ ජර්මනියේ ඩැක්ස් (German DAX) දර්ශකය සියයට 2කින් ඉහළගිය අතර ලන්ඩන් කොටස් වෙළෙඳපොළට සම්බන්ධ එෆ්.ටී.එස්.ඊ. දර්ශනය සියයට 1.36 වර්ධනයක් පෙන්නුම් කර තිබිණි.

ගෝලීය වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක් ඇමෙරිකානු ඩොලර් 130.38ක අගයකට අලෙවි වූ අතර එය සියයට 1.88ක වැඩි වීමකි.

ඉකුත් සඳුදා බොරතෙල් බැරලයක මිල වාර්තාගත අයුරින් ඇමෙරිකානු ඩොලර් 139.13ක් දක්වා ඉහළ ගියේ ය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල සියයට 1.52කින් ඇමෙරිකානු ඩොලර් 125.58ක් දක්වා ඉහළ ගියේ ය.

(හර්ෂණ තුෂාර සිල්වා)


RECOMMEND POSTS