බිග් බෑඩ් වුල්ෆ් ඇරඹේ



‘බිග් බෑඩ් වුල්ෆ්’ පොත් ප්‍රදර්ශනය ආරම්භ විය. අන්තර්ජාලය ඔස්සේ පැවැත්වෙන පැය 24 පුරා විවෘත මෙම පොත් ප්‍රදර්ශනය ලබන 12 වැනිදා දක්වා පැවැත්වේ.

‘කොවිඩ්-19’ වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය වසරේ දී ‘බිග් බෑඩ් වුල්ෆ්’ පොත් ප්‍රදර්ශනය අන්තර්ජාලය ඔස්සේ පැවැත්විණි.

මෙවර ප්‍රදර්ශනයේ දී ද පොත් සඳහා සියයට 90ක් දක්වා වට්ටම් ලබා දී තිබෙන අතර අවම වශයෙන් රුපියල් 9,000ක් පොත් මිලදී ගන්නන්ට නොමිලේ පොත් සිය නිවසටම ප්‍රවාහනය කරගැනීමේ අවස්ථාව ද ලබා ඇත.

පාරිභෝගිකයන්ට සහ රසිකයන්ට අද 5 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට මැයි 12 දක්වා www.bigbadwolfbooks.lk හි බිග් බැඩ් වුල්ෆ් ඔන්ලයින් පොත් අලෙවි වෙබ් අඩවියට පිවිසිය හැකි ය.

බිග් බැඩ් වුල්ෆ් නිල ෆේස්බුක් පිටුවෙන් www.facebook.com/bbwbookssrilanka සහ Instagram පිටුවෙන් සහ www.instagram.com/bigbadwolfbooks_lk වෙබ් අඩවියෙන් වැඩිදුර විස්තර ලබාගත හැකි ය.


RECOMMEND POSTS