පොලී පහළ බසී



ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව කැඳවන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී බර තබන ලද සාමාන්‍ය ඵලදා අනුපාතිකයන් හි සැලකිය යුතු පහළ යාමක් වාර්තා වී තිබේ.

මෙහිදී දින 91 භාණ්ඩාගාර බිල්පත් ඵලදා අනුපාතිකය 23.21% සිට 23.16% ක් දක්වාත්, දින 182 ඵලදා අනුපාතිකය 21.90% සිට 20.61% ක් දක්වාත් පහළ ගොස් තිබෙන අතර දින 364 බිල්පත් ඵලදා අනුපාතිකය 19.10% සිට 18.08% ක් දක්වා පදනම් අංක 102 ක කැපීපෙනෙන පහළ ගියේය.

මෙම වෙන්දේසිය සඳහා රු. මිලියන 180,000 ක බිල්පත් ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබුණු අතර රු. මිලියන 379,568 ක ලංසු ප්‍රමාණයක් ඒ සඳහා ලැබී තිබුණි.

වෙන්දේසියට ඉදිරිපත් කළ ප්‍රමාණයට සමපාත වන අයුරින් රු. මිලියන 180,000 ක ලංසු පිළිගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව කටයුතු කළේය.


RECOMMEND POSTS