පැය 24 පුරා ඕනෑ වේලාවක රසම රස කෑම
බොහෝ දෙනා පුලපුලා බලා සිටි බ්ලූමින්ග් බ්‍රෙක්ෆස්ට් - රෙස්ටෝ බාර් සහ කැෆේ කොළඹ නිදහස් චතුරශ්‍ර ආකේඩ් පරිශ්‍රයේදී විවෘත කෙරුණි.
එම අවස්ථාවට මාධ්‍ය සගයන් පමණක් නොව, රස කෑම වර්ග සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචලිත කරන බ්ලොග්කරුවන්ට ද ඇරැයුම් ලැබුණි. ඒ අනුව, රස නහර පිනා යන ආහාර එකතුවක රස බැලීමට නිදහස් චතුරශ්‍ර ආකේඩ් පරිශ්‍රයේ විවෘත වුණු බ්ලූමින්ග් බ්‍රෙක්ෆස්ට් - රෙස්ටෝ බාර් සහ කැෆේ වෙත පැමිණෙන්නැයි එහා පාලන අධිකාරිය කාට කාටත් ඇරැයුම් කරයි.
උදෑසන හෝ රාත්‍රී ආදී වශනේ නොව, කැමති කැමති වෙලාවට කැමති කැමති දේ රස බැලීමට සුදුසුම තැන නිදහස් චතුරශ්‍රයේ සම්පත් බැංකු ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය ඉදිරිපිට පිහිටි බ්ලූමින්ග් බ්‍රෙක්ෆස්ට් - රෙස්ටෝ බාර් සහ කැෆේ බව අමුතුවෙන් කිවයුතු නොවෙයි.ලෝකයේ නා නා විධ කෑම වට්ටෝරු, සිතැඟි පරිදි, දවසේ ඕනෑම විටෙක ලබා ගැනීමට (මධ්‍යම රාත්‍රියේ හෝ පාන්දර 3 ට පවා) ඇති එකම තැන පැය 24 පුරා ක්‍රියාත්මක බ්ලූමින්ග් බ්‍රෙක්ෆස්ට් - රෙස්ටෝ බාර් සහ කැෆේ ය.
ගෝලීය අත්දැකීමක් ලබා ගනිමින් ඇමරිකානු, ඉතාලි, ප්‍රංශ, ඕස්ට්‍රේලියානු ප්‍රියතම ආහාර සහ ජපන් ආහාර වර්ග රැසක් බ්ලූමින්ග් බ්‍රෙක්ෆස්ට් - රෙස්ටෝ බාර් සහ කැෆේ හරහා ලබා ගත හැකිය. සුහදශීලී සේවක මණ්ඩලයක් සහ අති දක්ෂ සූපවේදීහු කණ්ඩායමක් බ්ලූමින්ග් බ්‍රෙක්ෆස්ට් - රෙස්ටෝ බාර් සහ කැෆේ එක් වී සිටිති.
බ්ලූමින්ග් බ්‍රෙක්ෆස්ට් - රෙස්ටෝ බාර් සහ කැෆේ මෙනුවල විස්තර ඇතුලු බ්ලූමින්ග් බ්‍රේක්ෆස්ට් ගැන වැඩි විස්තර සඳහා කරුණාකර www.bloomingbreakfast.com වෙත පිවිසෙන්න.