නෙලුම් කුලුනේ බංජි පැනිල්ල



සිංගප්පූරුවේ ප්‍රකට ත්‍රසජනක සහ විනෝදාත්මක ක්‍රීඩා සමාගමක් වන ‘ගෝ බංජි’ සමාගමේ ක්‍රීඩකයන් 10,000 කට අධික පිරිසක් වාර්ෂිකව මෙරටට ගෙන්වා ගැනීමට සැළසුම් කර ඇතැයි නෙළුම් කුලුන කළමනාකාරිත්වයේ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පැවසීය.

එම සමාගමට සම්බන්ධ පැනුම් ක්‍රීඩකයන් 50,000 ක් පමණ ලොව පුරා සිටින බවත් ඔවුන් සම්බන්ධ කරගැනීමට ‘ගෝ බංජි’ සමාගම සහ නෙළුම් කුලුන කළමනාකාරිත්වය ගිවිසුමකට අස්සන් කළ බවත් ප්‍රසාද් සමරසිංහ මහතා කීය.

එම ශිල්පීන්ගේ සංදර්ශන මෙම වසර අග සිට ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ද සමරසිංහ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.


RECOMMEND POSTS