නිදහස් සැමරුමට රුපියල් 1000 කාසියක්



මෙරට 75 වැනි නිදහස් දින සැමරුම වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් 1,000කට වටිනාකමකින් යුත් කාසියක්  නිකුත් කරනු ලැබ තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලැබ තිබෙන 71 වැනි සමරු කාසිය මෙය වන අතර මෙම සංසරණය සඳහා නොයෙදේ.

කාසියේ මුහුණත, “75” අංකය විශාල ඉල්ලකමකින් සහ ශ්‍රී ලංකා ජාතික ධජය ඔසවාගෙන සිටින ආකාරය කාසිය මධ්‍යයේ දැක්වෙන බව මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කර ඇත.

කාසියේ ඉහළ දාරයේ පරිධිය ඉංග්‍රීසි, සිංහල සහ දෙමළ භාෂාවලින් “නිදහස් සැමරුම” ලෙස දක්වා ඇත.

“1948-2023” වර්ෂ කාසියේ පහළ දාරයේ පරිධියේ දැක්වෙන බව ද එම නිවේදනයේ සඳහන් ය.

කාසියේ පිටුපස මුහුණ වටිනාකම වන රුපියල් “1,000” විශාල ඉලක්කමකින් කාසියේ මාධ්‍යයේ දැක්වේ. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් “රුපියල්” යන වචන මුහුණ වටිනාකමට පහළින් දැක්වෙන අතර ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලාංඡනය මුහුණත අගයට ඉහළින් දැක්වේ. “2023” වර්ෂය කාසියේ පහළ දාරයේ දැක්වෙන අතර ඉංග්‍රීසි, සිංහල සහ දෙමළ භාෂාවලින් “ශ්‍රී ලංකා” යන්න කාසියේ ඉහළ දාරයේ පරිධියේ දැක්වේ.

තඹ-නිකල් යන ලෝහ භාවිත කරමින් මෙම කාසිය සකසා තිබේ. මෙයි විෂ්කම්භය මිලිමීටර 38.61ක් වන අතර ටංකනය කළ කාසි ගණන 2,500කි.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙම සමරු කාසිය ජනාධිපති රනිල් වික්‍රමසිංහට මහනුවර ජනාධිපති මන්දිරයේ දී  ඉකුත් දා (2) වැනිදා පිළිගැන්වීය.

(හර්ෂණ තුෂාර සිල්වා)


RECOMMEND POSTS