නව නීති උපදේශකයන් පත් කරන්න යයි



විදේශ ණයවල තිරසර බව කළමනාකරණය කිරීමේ අරමුණින් මූල්‍ය සහ නීති උපදේශකයන් පත් කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය යෝජනා කැඳවා ඇත.

මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනයේ මෙසේ දැක්වේ.

“ශ්‍රී ලංකා රජය මුදල් අමාත්‍යාංශය හරහා සිය බාහිර ණය තිරසාරභාවය කළමනාකරණය කිරමේ අරමුණින් මූල්‍ය උපදේශකයින් සහ නීති උපදේශකයින් පත් කිරීම සඳහා ඒ ප්ළිබඳ උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ගෙන්/ නියෝජිත ආයතනවලින් යෝජනා සඳහා වන ඉල්ලීම් (RfPs) ප්‍රකාශයට පත් කර ඇත.”

ඊට අදාළව යෝජනා සඳහා වන ඉල්ලීම් සහ වැඩි දුස්තර ඇතුළත් සබැඳි ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යාංශ වෙබ් අඩවිය මඟින් ප්‍රකාශයට පත් කර ඇත.

අප්‍රේල් මස 16 වැනිදා ට පෙර මෙම යෝජනා ඉදිරිපත් කළ යුතු ය.

මූල්‍ය උපදේශකවරයා, ණය කළමනාකරණය, රජයේ ණය තත්ත්වය ඇගයීම, ණය ලබාදෙන පාර්ශව යනාදිය සමඟ සාකච්ඡා කිරීම සහ රැස්වීම් පිළියෙළ කිරීම යනාදීය වගකීම් ඉටු කළ යුතු ය.

ණය ලබාදෙන්නන් සමඟ පැවැත්වෙන සාකච්ඡාවලදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීම නීති උපදේශකවරයාගේ ප්‍රධාන කාර්ය වේ.

මූල්‍ය උපදේශකවරයා සහ අනෙකුත් කාර්යාංශ සමඟ උපදේශන කටයුතු කිරීම උපදෙස් දීම ද නීති උපදේශකවරයාට පැවරේ.

ඊට අමතරව මෙම යෝජනා සඳහා ඉල්ලීම් කැඳවීම මඟින් තාක්ෂණික යෝජනා ද කැඳවා ඇත.

(හර්ෂණ තුෂාර සිල්වා)


RECOMMEND POSTS