දෝහා සංචාරක කර්මාන්තයට 2017දී හෝටල් 14ක්



 

 

(කටාර්)

හෝටල් ව්‍යාපෘති 41ක් ක්‍රියාත්මක කරන දෝහා නගරය අප්‍රිකානු මහාද්වීපයේ සහ මැද පෙරදිග රටවල හෝටල් ව්‍යාපෘති අතරින් තෙවැනි ස්ථානය හිමි කරගෙන ඇති බව නවතම වාර්තාවකින් කියවෙයි. ‘2016 ඩුබායි හෝටල් දැක්ම‘ වෙනුවෙන් වෙනුවෙන් නිකුත් කරන ලද  ‘උසස්ම හෝටල් ව්‍යාපෘති‘ නම් වාර්තාවට අනුව සංචාරක හෝටල් කාමර 11722ක් සැපයීම සඳහා දෝහා නගරයේ මේ වනවිට හෝටල් ව්‍යාපෘති 41ක් ඉදිවෙමින් පවතී.

එම වාර්තාවට අනුව හෝටල් ව්‍යාපෘති 133ක් ඉදිකෙරෙමින් පවතින ඩුබායි නගරයට පළමු ස්ථානයද, ,  හෝටල් ව්‍යාපෘති 47ක්  ඉදිවෙමින් පවතින රියාද් නගරයට දෙවැනි ස්ථානයද හිමිවී ඇත.

හෝටල් විවෘතකිරීම අතින් 2017 වර්ෂය දෝහා නගරයට කාර්ය බහුල වර්ෂයක් වනු ඇතැයි වාර්තා වෙයි. ලබන වර්ෂයේදී විවෘත වීමට නියමිත හෝටල් අතරින් කාමර 468කින් සමන්වත පුල්මන් දෝහා වෙස්ට් බේ හෝටලයද, කාමර 297කින් සමන්විත වන ජේ.ඩබ්ලිව්. මැරියට් වෙස්ට් බේ හෝටලයද, කාමර 225කින් සමන්විත වන හිල්ටන් ගාඩ්න් ඉන් හෝටලයද, කාමර 232කින් සමන්විත වන මිලේනියම් ප්ලාසා දෝහා හෝටලයද වෙයි.

2017 වර්ෂයේදී දෝහා නගරයේ පමණක් හෝටල් ව්‍යපෘති 14ක් විවෘත කිරීමට නියමිතය. මෙම හෝටල් ව්‍යාපෘති විවෘත කිරීමත් සමග දෝහා නගරයේ සංචාරක කර්මාන්තය විශාල ප්‍රගතියක් අත්කරගනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මැද පෙරදිග කලාපයේ ඉදිවන මෙමසංචාරක හෝටල් පිළිබඳ පූර්ණ විස්තර ඇතුළත් ‘ඩුබායි හෝටල් දැක්ම 2016 මෙම වසරේ සැප්තැම් 17 සිට 19 දක්වා කාලය තුළ ඩුබායි ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේදී පැවැත්විමට කටයුතු යොදා ඇත.


RECOMMEND POSTS