ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා



ශ්‍රී ලංකාව සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙරට ජාත්‍යන්තර බැඳුම්කර හිමි දේපළ (වත්කම්) කළමනාකරුවන් 30කට වැඩි පිරිසක් නිල වශයෙන් ණය හිමියන්ගේ කණ්ඩායමක් ආරම්භ කර ඇතැයි රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

නීතී උපදේශක ආයතනයක් වන වයිට් ඇන්ඩ් කේස් එල්.එල්.සී. ආයතනය නිකුත් කළ නිවේදනයක් උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය මේ බව වාර්තා කර ඇත.

සියලු දෙනාට සාධාරණ ප්‍රතිඵලයක් ලබාගැනීම සඳහා අදාළ බලධාරීන් සහ පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා කිරීමට සූදානම් වන බව එම කණ්ඩායම සඳහන් කර තිබේ.

බ්ලැක්රොක් සහ මෝර්ගන් ස්ටැන්ලි ඉන්වෙස්ට්මන්ට් මැනේජ්මන්ට් යන මූල්‍ය ආයතන මෙම කණ්ඩායමට ඇතුළත් වන අතර ඔවුන් වෙන වෙනම පවතින බැඳුම්කර 11ක ඇමෙරිකානු ඩොලර් බිලියන 12.6ක හිමිකාරීත්වය දරයි. රොයිටර්ස් පුවත් සේවයට අනුව එම ප්‍රමාණය ශ්‍රී ලංකාවේ විදේශ මුදල් ඒකකවලින් තිබෙන ණයවලින් අඩක් නියෝජනය කෙරේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කටයුතු කිරීම සඳහා සහාය වන බව මෙම ණයහිමිකරුවන්ගේ කණ්ඩායම ප්‍රකාශ කර තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS