ඩයලොග් ආසිආටා හඳුන්වා දෙන Couple Blaster



ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී විසින්  ශ්‍රී ලංකාවේ වාසිදායකතම Couple Plan එක වන ‘Couple Blaster’මොබයිල් plan එක හඳුන්වාදෙන ලදී. මෙම නව plan එක, සියලුම Dialog මොබයිල් පෙරගෙවුම්හාපසුගෙවුම් පාරිභෝගිකයන්ට මසකට රු.123 කට (බදු ඇතුළත්ව) ලබාගත හැක.

මෙහි විශේෂතම වාසිය වනුයේ එක් අයෙක් Plan එක Activate කර අනෙක් අංකය රෙජිස්ටර් කිරීමෙන් දෙදෙනාටම දෙදෙනා අතර UNLIMITED CALLS සහ SMS හිමිවීමයි.

මොබයිල්පෙරගෙවුම් පාරිභෝගිකයන්ට මෙම plan එකරු.123 ක් රීලෝඩ්කිරීමෙන් හාමොබයිල්පසුගෙවුම් පාරිභෝගිකයන්ට #171# ඩයල්කිරීමෙන් සක්‍රිය කරගත හැකි අතර,#171# හරහාම අදාළ මොබයිල් අංකය රෙජිස්ටර් කර ගත හැක.

මෙහිදී රෙජිස්ටර් කරන අනෙක් අංකය ඕනෑම ඩයලොග් මොබයිල් පෙරගෙවුම් හෝ පසුගෙවුම් සම්බන්ධතාවයක් විය හැක.

මොබයිල් පෙරගෙවුම් පාරිභෝගිකයන්ට එම අංකය මසකට එක්වරක් කිසිඳු ගාස්තුවකින් තොරව වෙනස් කිරීමටද ඉඩසැලසේ.මොබයිල් පසුගෙවුම් පාරිභෝගිකයන්ට එම අංකය තමන් කැමති ඕනෑම අවස්ථාවකදී වෙනස් කිරීමට ඉඩසැලසෙන අතර ඒසඳහා එක් වරකට රු. 100 බැගින් ගාස්තුවක් අයවේ.

Unlimited වාසිලබාදෙන Blaster පැකේජ අතරටඑක්වූ නවතම සාමාජිකයා වන Couple Blaster පැකේජය අප රටේ තරුණ තරුණියන්ගේ අවශ්‍යතාවයන් මැනවින් හඳුනාගෙනඒ අනුවම සකස් කර ඇති අතර, මෙම පැකේජය පවුලේ වැඩියෙන්ම අමතන අංකය හා අසීමිතව සම්බන්ධවීමටද යොදාගත හැක.

මිලියන 15 කට අධික සිය පාරිභෝගිකයන්ට විශ්වසනීය මෙන්ම අඛණ්ඩ සම්බන්ධතාවයක් ලබාදීම වෙනුවෙන් ඩයලොග් ඉටුකළ කාර්යභාරයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස මෙම නවතම Couple Blaster පැකේජය හඳුන්වාදීම සැලකිය හැකිය.


RECOMMEND POSTS