ජෝර්දානයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 723ක ණයක්
(ජෝර්දානය)
ජෝර්දානයේ ණය බර අඩු කිරිම සහ සංවර්ධනය වේගවත් කිරීම අරමුණු කරගත් ආර්ථික හා මූල්‍ය ප්‍රතිසංස්කරණ කිරීමේ තුන් අවුරුදු සැලැස්ම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 723ක ණය මුදලක් ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟත්වය පළ කර ඇතැයි රොයිටර් ප්රවෘත්ති සේවය වාර්තා කරයි.
මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වන්නේ එහි මුල් අදියර වශයෙන් ඩොලර් මිලියන 72.3ක මුදලක් ඉක්මනින්ම ජෝර්දානයට ලබා දිමට කටයුතු කරන බවයි. ඉතුරු මුදල අදාළ සැලැස්ම ක්‍රියාත්මක කෙරෙන කාලය තුළ වාරික වශයෙන් ලැබෙනු ඇතැයිද එම නිවේදනයේ සඳහන් වෙයි.
ජෝර්දානයේ දළ දේශීය නිෂපාදනයෙන් සියයට 94ක්ම වැය කෙරෙනුයේ ණය ගෙවීමට වන අතර 2021 වර්ෂය වනවිට එය සියයට 77 දක්වා අඩු කිරීම රජයේ නව සැලැස්මේ අරමුණ වී ඇත.
පසුගිය පස්වසරක කාලය තුළ ජෝර්දානයේ ණය බර ඩෝලර් කෝටි 3200 දක්වා තුන් ගුණයකින් වැඩිවී ඇති බවය. රජයේ ආදායම සහ විදේශ ආධාර අඩුවීම නිසා ජෝර්දානයට පසුගිය වසර පහ තුළදී විශාල වශයෙන් විදේශීය ණය ගැනීමට සිදුවිය.
කලාපිය අස්ථාවර භාවය නිසා ජෝර්දානයේ විදේශ ආයෝජන, අපනයන හා සංචාරක ක්ෂේත්රවලට විශාල වශයෙන් හානි සිදුවී ඇති බවත් ඒ හේතුව නිසාම රැකියා විරහිත සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. උතුරින් පිහිටි සිරියාවේ හා නැගෙනහිරින් පිහිටි ඉරාකයේ සිදුවන යුද ගැටුම් නිසා බරපතළ පසුබෑමකට ලක්ව ඇති ජෝර්දාන ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකර ගත් එකඟත්වය හේතුවනු ඇතැයි ජෝර්දාන බලධාරීහු විශ්වාසය පළ කරති.