ජෙදා සංචාරක කර්මාන්තයට අලුතින් හෝටල් කාමර 2800ක්



සවුදි අරාබියේ ජෙදා නගරයේ සංචාරක කර්මාන්තය සඳහා අලුතින් හෝටල් කාමර 2800ක් ළඟදිම එක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඒ සඳහා දැනටමත් ව්‍යාපෘති 11ක් ක්‍රියාත්මක වෙමින් පවති.

මෙම ව්‍යාපෘති ජාත්‍යන්තර ආයෝජන සහිතව ක්‍රියාත්මක වෙමින් පවතින බව මැකා නගරයේ සංචාරක සහ ජාතික උරුමය සඳහා වන කොමිසමේ අධ්‍යක්ෂක ජනරාල් මොහමඩ් බීන් අබ්දුල්ලා අල් ඔමාරිපැවසූ බව අරාබි නිව්ස් සේවයේ පළවූ වාර්තාවක සඳහන් වෙයි.

සවුදි අරාබියේ ජාතික ආදායමේ වැඩි කොටසක් සපයනු ලබන්නේ ඛනිජ තෙල්කර්මාන්තය විසිනි. දෙවැනි තැන දරන්නේ සංචාරක කර්මාන්තයයි.

2014 වර්ෂය හා සසඳන විට 2015 වර්ෂයේදී දෙශීය සංචාරක ව්‍යපාරය සියයට 25කින් ඉහළ ලොස් ඇතැයිද මක්කම නගරයට පැමිණෙන දේශීය සංචාරකයන්ගේ සංඛ්‍යාව පසුගිය වසරේදී සියයට 29කින් ඉහළ ගොස් ඇතැයිද කොමිසමේ අධ්‍යක්ෂකවරයා පවසයි.


RECOMMEND POSTS