චීන මහජන බැංකුව සමඟ මුදල් හුවමාරු ගිවිසුමක්



චීන මහජන බැංකුව සමඟ ද්විපාර්ශවීය මුදල් හුවමාරු ගිවිසුමකට එළැඹුණු බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මෙම ගිවිසුම යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව උපරිම වශයෙන් චීන යුවාන් බිලියන 10ක (ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක) මුදල් හුවමාරු පහසුකමකට හිමිකම් ලබා දී තිබෙන අතර මෙම ගිවිසුම වසර තුනක කාලසීමාවක් සඳහා වලංගු වේ.

දෙරටේ ආර්ථික සංවර්ධනය සඳහා ද්විපාර්ශවීය වෙළෙඳාම සහ සෘජු ආයෝජන ප්‍රවර්ධනය කිරීමටත් දෙපාර්ශවයේ එකඟතාව මත වෙනත් අරමුණු සඳහා භාවිත කිරීමට හැකිවන පරිදිත් මෙලෙස චීන මහ බැංකුව සමඟ ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ විශාලතම ආනයන පාර්ශවකරුවා වන්නේ චීනය වන අතර පසුගිය වසරේ දී පමණක් චීනයෙන් කරන ලද ආනයනවල වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 3.6ක් යැයි මහ බැංකුව කියයි. එය ශ්‍රී ලංකාවේ සමස්ත ආනයනවලින් සියයට 22.3කි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ නිර්දේශ මත මෙම හුවමාරු ගිවිසුමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමි වී ඇත. ශ්‍රී ලංකාව වෙනුවෙන් මහ බැංකු අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා සහ චීන මහ බැංකුවේ අධිපති ආචාර්ය යී ගැන්ග් යන මහත්වරු මෙම ගිවිසුමට අත්සන් තබනු ඇත.

හර්ෂණ තුෂාර සිල්වා


RECOMMEND POSTS