ගෘහස්ත ගෑස් හිඟයට විකල්පයක්



ගෘහස්ථ ගෑස් හිඟයකට මුහුණ දී සිටින  මෙරට පාරිභෝගිකයින් සදහා සුප්‍රසිද්ධ ශ්‍රී ලාංකික අන්තර්ජාල සමාගමක් වන ''කප්රුක.කොම්  " සමාගම  මාර්ගගත ක්‍රමය මගින් (ඔන්ලයින් ඔස්සේ ) පාරිභෝගිකයින්ට දර මිටි අලෙවි කිරීම ආරම්භ කර ඇත.

මේ වන විට එම සමාගම මාර්ගගත ක්‍රමය ඔස්සේ දර මිටි 1000 කට වඩා අලෙවි කර ඇති බව එම සමාගම් ආරංචි මාර්ග වලින් වාර්තා වේ.

සිය සමාගම මෙලෙස පාරිභෝගිකයින් සදහා දර අලෙවි කිරීම සම්බන්ධයෙන් කප්රුක.කොම් හි නිර්මාතෘ සහ සභාපති දුලිත් හේරත් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් යොදමින් කියා සිටියේ “අපි හිතුවේ නැහැ  අපි කවදාවත් අන්තර්ජාලයෙන් දර විකුණනවා කියලා. නමුත් එය ඉතා වේගයෙන් අලෙවි වනවා, '' යැයි සදහන් කර තිබිණි.

එම කප්රුක .කොම් වෙබ් අඩවියට අනුව කුරුඳු දර කිලෝග්‍රෑම් 5 ක මිටියක් රු. 140 ක් වූ අතර මැටි වලින් සාදන ලද උදුනක් සහ කිලෝග්‍රෑම් 5 කුරුදු  දර මිටියක් රුපියල්  390කට අලෙවි කෙරෙන බව සදහන් වේ.

එම උදුන සහත දර තොගය පැය 24 ක් තුළ දීපව්‍යාප්තව ලබා දෙන බවද  කප්රුක වෙබ් අඩවියේ සඳහන්ව ඇත.
වෙළදපොළේ එල්.පී ගෑස් හිඟය හේතුවෙන් මේ දිනවල ගෑස් අලෙවිසැල් වල දිගු පෝලිම් දැක ගත හැක.

(රොයිටර්)


RECOMMEND POSTS