ගුවන්යානා 70ක් මිලදී ගනියි

එමිරේට්ස් ගුවන් සමාගම ගුවන්යානා 70ක් අලුතින් මිලට ගැනීමට ගිවිසුමක් අත්සන් කර ඇත.
පළමු අදියරයේ දි A330-900 ගුවන් යානා 40ක්ද දෙවන අදියරයේදි A350-900ගුවන්යාන 30ක් මිලදී ගැනීමට හැකි වන ආකාරයන්එමිරේට්ස් ගුවන් සමාගම ගිවිසුම් අත්සන් කර ඇති වාර්තා වේ.
සියළුම ගුවන්යානා ප්‍රමාණය 2021-2024 අතර කාලයේදි එමිරේට්ස් ගුවන් සමාගමට ලබාදීමට එයාර්බස් සහ රෝල්ස් රෝයිස් සමාගම පොරොන්දු වී ඇති අතර මුළු වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 21.4ක් වේ.
නව ගිවිසුමත් සමඟ එමිරේට්ස් ගුවන් සමාගම මිලදී ගනිමින් සිටි A380 ගුවන්යානා 53 ගුවන්යානා 14 දක්වා අඩු කර 2021 අවසානයේදි සම්පූර්ණ ගුවන්යානා ප්‍රමාණය (53) මිලදී ගැනීමට තීරණය කර ඇත.
එමිරේට්ස් ගුවන් සාමාගම ගුවන්යානා 123ක් 2024 වර්ෂය අවසන් වීමට පෙර මිල දී ගැනීමට සැළසුම් කර ඇත.
ජානක ප්‍රියදර්ශන ජයතිලක

