ගල්ෆ් කලාපයටත් ‘වැට්‘ බද්ද එයි
වැට් බදු (එකතු කළ අගය මත පනවන බදු) පැනවීම ගල්ෆ් කලාපය තුළ සංවාදාත්මක මාතෘකාක් බවට පත්වී ඇත. එයට හේතුව වී ඇත්තේ ඉතා ඉක්මනින් ගල්ෆ් කලාපීය සහයෝගිතා කවුන්සිලයට අයත් රටවල්තුළ මෙම වක්‍ර බදුක්‍රමය ක්‍රියාත්මක කළ යුතුය කියා යෝජනාවක් ඉදිරිපත්වී තිබිමයි.
2015 දෙසැම්බර් මසදී, ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයට අයත් රටවල මුදල් ඇමැතිවරු ගල්ෆ් කලාපය තුළ වැට් බදු (එකතු කළ අගය මත බදු ) ක්‍රමය 2016 දී ක්‍රියාත්මක කිරීමේ දී ඇතිවන වැදගත් ගැටළු සම්බන්ධව එකඟතාවක් ඇතිවිය.
මෙම වසරේ ජනවාරි මාසයේදී අබුඩාබි නුවර පැවැති ගල්ෆ් කලාපීය සහයෝගිතා කවුන්සිලයේ මුදල් ඇමැතිවරුන්ගේ රැස්වීමකින් පසුව එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ මුද්ල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු අවධාරණයෙන් කියා සිටියේ
මෙම වැට් බද්ද 2018 ජනවාරි 01 වන දින සිට ගල්ෆ් සහයෝගිතා රටවල් වල ක්‍රියාත්මක වන බවය. එසේම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේද 2018 ජනවාරි 1දා සිට වැට් බද්ද ක්‍රියාත්මක වනු ඇති බවද ඔහු පැවසීය.
2016 ජූනි මාසයේදී සවුදි අරාබියේ ජෙදා නුවර පැවැති ගල්ෆ් කලාපීය සහයෝගිතා කවුන්සිලයේ මුදල් ඇමැතිවරුන්ගේ රැස්වීමෙන් පසුව සවුදි අරාබියේ සහ බහරේනයේ මුදල් ඇමැතිවරුන් කියා සිටියේ ගල්ෆ් රරටවල වැට් බද්ද ක්‍රියාත්මක කිරීම සම්බන්ධ යම් යම් පටිපාටියන්ට කවුන්සිලය එකඟවූ බවය.