කටාර් ජාතික බැංකු ශාඛාවක් කියුබාවේ
(ඩෝහා)
කටාර් ජාතික බැංකුව එහි නියෝජිත කාර්යාලයක් කියුබාවේ ආරම්භ කර ඇතැයි රොයිටර් පුවත් සේවය සදහන් කරයි.
ජී.සී.සී. ආයතන ලැයිස්තුවට අනුව එහි වැඩිම ණය දෙන ආයතනය වන්නේ කටාර් ජාතික බැංකුවයි.
ඇමෙරිකාව කියුබාවට පනවා තිබූ සම්බාධක ඉවත් කිරීමත් සමග බොහෝ විදේශීය බැංකු තම නියෝජිත ආයතන කියුබාවේ ආරම්භ කිරීමට උනන්දුවක් දක්වයි.
කියුබානු මහ බැංකුවේ වර්ගීකරණයට අනුව දැනට කියුබාව තුළ ක්රියාත්මක වන්නේ විදේශීය බැංකු 10 ක් පමණකි.
තෙල් හා ගෑස් මිල පහළ යාම හේතුවෙන් මැදපෙරදිග කලාපයේ ආර්ථික වර්ධනය පහළ යාම පදනම් කර ගනිමින් මැදපෙරදිග කලාපයේ මහා පරිමාණයේ බැංකු විදේශීය රටවල තම ශාඛා පිහිටුවීමට කටයුතු කරමින් සිටිති.
එවැනි උපක්රමික කරුණු පදනම් කර ගනිමින් කටාර් ජාතික බැංකුව ද එහි නියෝජිත කාර්යාලයක් කියුබාවේ ආරම්භ කර තිබේ.