කටාරයේ විදේශ ආයෝජන ඉහළ යයි



 
කටාර් රාජ්‍යයේ සම්පූර්ණ සෘජු විදෙස් ආයෝජන කටාර් රියාල් බිලියන 525.7ක් යැයි ඇස්තමේන්තු කර ඇත. 2014 වසර අවසානයේදී කටාර් රාජ්‍යය තුළට ගලා ආ ආයෝජනවල වටිනාකම කටාර් රියාල් බිලියන 1.6කින් ඉහළ ගිය බව ද ‘ කටාර් සෘජු විදෙස් ආයෝජන සමීක්ෂණය 2015’ වාර්තාව නිකුත් කරමින් එරට සංවර්ධන සැලැසුම් හා සංඛ්‍යා දත්ත අමාත්‍යාංශය පෙන්වා දෙයි. 
 
 එම අමාත්‍යාංශයේ දත්තවලට අනුව කටාරයේ බාහිර ආයෝජන කටාර් බිලියන 35.3 සිට කටාර් රියාල් බිලියන 306.2ක් දක්වා වැඩිවිය. දිගු කාලීන ණය සහ කෙටි කාලීන මූල්‍ය උපකරණ හා සම්බන්ධ වෙළෙඳාම් සම්බන්ධ විදෙස් ආයෝජන සම්පූර්ණ වත්කම්වලින් කටාර් රියාල් බිලියන 166ක් වනවිට සෘජු විදෙස් ආයෝජනවල වටිනාකම කටාර් රියාල් බිලියන 117ක් විය. කළඹ ආයෝජන එසේත් නැතිනම් මූල්‍ය සුරැකුම්පත් කටාර් රියාල් බිලියන 23.2ක් විය. 2014 වසරේ සෘජු විදෙස් ආයෝජන පිටතට ගලායෑම් කටාර් රියාල් බිලියන 3.1ක් වූ අතර 2013 වසරේදී එහි වටිනාකම කටාර් බිලියන බිලියන 13.1ක් විය.
 
සෘජු විදෙස් ආයෝජන ගලාඒම්වලින් සියයට 90ක්වම තෙල් සහ ගෑස් ආශ්‍රිත නිෂ්පාදන ද ප්‍රවාහන සහ අලෙවිකරණ ක්‍රියාකාරකම්වලින් සමන්විත විය. ආයෝජනවල සටහන් අගයට අනුව නිෂ්පාදන ක්‍රියාකාරකම් සෘජු විදෙස් ආයෝජනවල සම්පූර්ණ අගයෙන් සියයට 52ක් විය. 
 
කටාරයේ සෘජු විදෙස් ආයෝජන කොටසට රටවල් 60ක දායකත්වය හිමිවිය. යුරෝපා සංගමයේ රටවල්, ඇමෙරිකා එක්සත් ජනපදය, අනෙකුත් ඇමෙරිකානු රටවල් සහ ගල්ෆ් සහයෝගීතා කවුන්සිලයේ රටවල් අතර කටාරයේ සෘජු විදෙස් ආයෝජන කොටසින් සියයට 94ක් අතර බෙදී ගියේය.
 
හර්ෂණ තුෂාර සිල්වා
‘ද පෙනින්සියුලා’ ඇසුරිනි

RECOMMEND POSTS