එමිරේට්ස් ශ්‍රී ලංකන් එක්වෙයි



ඩුබායි එමිරේට්ස් සහ ශ්‍රීලංකන් ගුවන් සේවය ගුවන් සමාගම් දෙකෙහිම මගීන් සඳහා සම්බන්ධතාව ඉහළ නැංවීම අරමුණෙන් අන්‍යෝන්‍ය අන්තර් සම්බන්ධතා ගිවිසුමකට අත්සන් කර තිබේ.

මෙම හවුල්කාරිත්වය මගින් කොළඹ සහ ඩුබායි හරහා එකිනෙකාගේ ජාලවල නව ස්ථාන වෙත ප්‍රවේශ වීමටත්, තනි ටිකට් පතක් භාවිතා කර ගමන් මලු මාරු කිරීමේ පහසුව භුක්ති විඳීමටත් මගීන්ට පහසුකම් සැලසෙන බවයි නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම පැහැදිලි කර තිබේ.

එමිරේට්ස් මගීන්ට තෝරා ගැනීම සඳහා, කොළඹ හරහා ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් මෙහෙයවනු ලබන කලාපීය ගමනාන්ත 15ක් අන්තර් මාර්ග හවුල්කාරිත්වය මඟින් විවෘත කරන බැවින් ගුවන් ගමන් සඳහා අවශ්‍ය ප්‍රවේශපත්‍ර ලබා ගැනීමේ හැකියාව ක්‍රියාත්මක බව ද පැවැසෙයි.

එහිදී මාලදිවයිනේ ගැන් දූපතට අමතරව නව ඉන්දියානු ගමනාන්ත දෙකක් වන මදුරෙයි සහ තිරුචිරපල්ලි ඇතුළත් වන බවත්, පාරිභෝගිකයින්ට ඉතා පහසු ගමන් මලු ප්‍රතිපත්තියක් සහ කරදරයකින් තොරව ගමන් මලු පිරික්සීමේ පහසුව භුක්ති විඳිමින් තනි ප්‍රවේශපත්‍රයකින් බාධාවකින් තොරව ගමන් කළ හැකි බව එම සමාගම පෙන්වා දෙයි.


RECOMMEND POSTS