උද්ධමනය සියයට 11.5 කින් අඩුවෙලා



ඉකුත් මැයි මාසයේ දී උද්ධමනය සියයට 11.5 කින් අඩු වී ඇතැයි ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ වසරේ මැයි මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය සහ මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට පත් කරමින් එම දෙපාර්තමේන්තුව ඒ බව කියයි.

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව අප්‍රේල් මාසයේ දී සියයට 33.6ක්ව පැවැති උද්ධමනය මැයි මාසයේ දී සියයට 22.1ක් දක්වා පහත වැටී ඇත.

අප්‍රේල් මාසයයේදී සියයට 27.1 ක් ලෙස සටහන් වූ ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය මැයි මාසයේ දී සියයට 15.8ක් දක්වා පහත වැටී ඇත.

එමෙන්ම අප්‍රේල් මාසයේදී සියයට 39.0 වූ ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය ද මැයි  මාසයේදී සියයට 27.6ක් දක්වා පහත වැටී තිබේ. 


RECOMMEND POSTS