ඉරානයේ බැංකු තැන්පතු 30 %කින් ඉහළට



මේ වසරේ ජූලි 21 දා වනවිට ඉරානයේ පුද්ගලික අංශය   බැංකුවල සහ බැංකු නොවන මූලශ ආයතනවල තැන්පත් කර ඇති මුදල් ප්‍රමාණය ඩොලර් බිලියන 333.8ක් යයිද එය වාර්ෂිකව 30.9%ක වර්ධනයක් යයිද  එරට පළවන ඉරාන මහ බැංකුව පවසයි.

ඉරාන මහ බැංකුව පසුගිය සඳුදා නිකුත් කළ වාර්තාවට අනුව පුද්ගලික ණය දෙන්නෝ මුළු තැන්පතුවලින් 72.1% තැන්පත් කර ඇත.

ඉතිරිය රජයට අයත් වාණ්ජ බැංකුව ( 17.7%ක්ද) සහ විශේෂිත බැංකු (10.2%ක්ද) අතර බෙදී යයි.

කෙසේ වෙතත් රජයේ සමස්ත තැන්පතු 8.4%කින් පහළ වැටී ඇති බවද මහ බැංකු වාර්තාව පෙන්වා දෙයි.

මේ අතර ජූලි 21 දායින් අවසන් වූ මාස හතර තුළ  පුද්ගලික අංශය බැංකුවලට ඇති ණය ප්‍රමාණය ඩොලර් බිලියන 224ක් වන අතර එය 20.5%ක වාර්ෂික වැඩිවීමකි.


RECOMMEND POSTS