ඉරානය සහ ඉක්වදෝරය ගිවිසුම් තුනකට අත්සන් තබති.



ඉරාන ඉස්ලාමීය ජනරජය සහ ඉක්වදෝරය පසුගියදා සහයෝගිතා ගිවිසුම් තුනකට අත්සන් තැබීය. මෙම ගිවිසුම් තුන අත්සන් තබන ලද්දේ බැංකු හා කෘෂිකර්ම ක්ෂේත්‍රවලට අදාළවය.

මෙම සහයොගිතා ගිවිසුම් තුනට අත්සන් තබන ලැබුවේ ඉරාන විදෙශ ඇමැති ජාවෙඩ් සාරිෆ සහ ඉත්වදෝර විදේශ ඇමැති ගිලාවුම් ලෝන්ග් ඉදිරිපිටදී බව ඉරානයේ ඉර්නා ප්‍රවෘත්ති සේවය වාර්තා කරයි.

ඉරාන මහ බැංකුවේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය අධිපති හොසේන් යකූබි සහ ඉක්වඩෝර මහ බැංකු කළමනාකාර අධ්‍යක්ෂ රොඩ්රිගෝ ලැන්ඩේටා පාරා බැංකු කටයුතු පිළිබඳ සහයෝගිතා ගිවිසුම අත්සන් තැබූහ.

ඉරානයේ පැල සංරක්ෂණ සංවිධානයේ අධ්‍යක්ෂ මොහමඩ් අලි බගෙස්තානි සහ ඉක්වදෝරයේ පැල සංරක්ෂණ සංවිධානයේ අධ්‍යක්ෂ දියේගෝ අල් ෆොන්සෝ කෘෂිකර්මය පිළිබඳ සහයෝගිතා ගිවිසුමට අත්සන් තැබූහ.

ඉරානය සහ ඉක්වදෝරය අත්සන් තබන ලද මෛ ගිවිසුම් නිසා ඉක්වදෝරයේ කෘෂි නිෂ්පාදන ඉරානය හරහ මැද පෙරදිග සහ මධ්‍යම ආසියානු රටවලට අපනයනය කිරීම පහසුවනු ඇත.

ඉරාන විදේශ ඇමති සාරිෆ් දේ වනවි 120 දෙනෙකුගෙන් සමන්විත දූත කණ්ඩායමක් සමග දකුණු ඇමෙරිකානු රටවල් සයක නිල චාරිකාවක නිරතව සිටියි.


RECOMMEND POSTS