ඉරානය ණය කාඩ්පත් නිකුත් කරයි
ඉරාන බැංකු දශක ගණනාවකට පසුව පළමු වතාවට ණය කාඩ් පත් (credit Card) නිකුත් කිරීමට තීරණය කර ඇතැයි එරට මාධ්‍ය ඊියේ (26) වාර්තා කළේය.
මෙම ණය කාඩ් එරට අභ්‍යන්තරයේ කෙරෙන ගනුදෙනු සඳහා පමණක් සීමාවන බවද ජාත්‍යන්තර ප්‍රධාන කාඩ් පත් සමාගම් සමග ඒවායේ කිසිදු සම්බන්ධයක් නැති බවද පුවත්පත් කිහිපයක්ම ඊයේ වාර්තා කර තිබුණි.
ලබා දෙන ණය සීමාව තීරණය කරන්නේ එරට මහ බැංකුව විසිනි. කෙසේ වෙතත් ණය සීමා තුනක් ක්‍රියාත්මක කිරිමට බලාපොරොත්තුවන අතර උපරිම ණය සීමාව ඉරාන රියාල් මිලියන පනහකි.(ඇමෙරිකානු ඩොලර් 14000) කි.