ආර්ථික ස්ථාරවත්වය සහ ණය තිරසරත්වය



සාර්ව ආර්ථික ස්ථාරවත්වය සහ ණය තිරසරත්වය ඇති කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විශ්වාසනීය සහ පැහැදිලි හා අඛණ්ඩ උපායමාර්ගයක් කඩිනමින් ස්ථාපිත කළ යුතු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමඟ කරන ලද හතරවැනි වගන්තිය පිළිබඳ සමාලෝචනවලට අදාළ සම්පූර්ණ වාර්තාව ප්‍රසිද්ධියට පත් කරමින් ඉහත කරුණු ප්‍රකාශ කර ඇත.

හතරවැනි වගන්තිය පිළිබඳ සමාලෝචන අවසන් වීමෙන් අනතුරුව ඉකුත් පෙබරවාරි මස 25 වැනිදා පැවැති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂවරුන්ගේ රැස්වීමේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා කරන ලදි.

සාර්ව ආර්ථික ස්ථාරවත්වය සහ ණය තිරසරත්වය ඇති කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විශ්වාසනීය සහ පැහැදිලි හා අඛණ්ඩ උපායමාර්ගයක් කඩිනමින් ක්‍රියාත්මක කරන අතරවාරයේ දී අවදානම් සහගත කණ්ඩායම් ආරක්ෂා කළ යුතු බවටත් සමාජ ආරක්ෂණ දැල් භාවිත කරමින් දරිද්‍රතාවය අඩු කළ යුතු බවටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට දැනුම් දී තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ මෙම සම්පූර්ණ වාර්තාව පිටු 95කින් සමන්විත ය.

ශ්‍රී ලංකාව ගෙවුම් ශේෂ අර්බුදයකට සහ ස්වෛරීත්ව ණය අර්බුදයකට එකවර මුහුණ දී ඇතැයි ද එබැවින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය තත්ත්වය තිරසර නොවන මට්ටමකට පැමිණ ඇතැයි යන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිරීක්ෂණය වී තිබේ.

මේ අතරවාරයේ දී ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය දැඩි ලෙස පහත වැටී ඇති බවත් කෙටි ණය සේවා අවශ්‍යතා ආවරණය කරගැනීමට එය ප්‍රමාණවත් නැතැයි ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කර ඇත.

විදේශ විනිමය මූල්‍ය ඉහළ නැංවීම සඳහා ආණ්ඩුව ගෙන ඇති ක්‍රියාමාර්ග තුළින් කෙටි කාලයේ දී යම් ඉස්පාසුවක් දෙනු ඇති නමුත් 2022 වසරෙන් පසු විදේශ විනිමය විදේශ ණය සේවා වගකීම් කෙසේ විසඳනු ඇත් ද පැහැදිලි නැතැයි ද එම වාර්තාව සඳහන් ය.

සාර්ථක එන්නත්කරණ වැඩසටහන මඟින් සංචාරක කර්මාන්තයේ වර්ධනයට ඉඩ සැලසුව ද සාර්ව ආර්ථික අසමතුලිතතා, විදේශ විනිමය හිඟය, අත්‍යවශ්‍ය නොවන ආනයන අත්හිටුවීම යනාදී කරුණු නිසා ආසන්න සහ මධ්‍ය කාලයේ වර්ධනය සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්ත්වයක් ඇති වී තිබෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ වාර්තාවේ  සඳහන් වේ

අති විශාල රාජ්‍ය ණය බර හේතුවෙන් මුදල් සහ විනිමය අනුපාත ප්‍රතිපත්තිවලට වඩා වැඩි ඉඩක් රාජ්‍ය මූල්‍ය අවශ්‍යතාවලට ලබා දී ඇති බවත් මේ නිසා ශ්‍රී ලංකා මහ බැංකුවේ මිල ස්ථායීකරණ අරමුණුවලට බාධා එල්ල වූ බවත් එම වාර්තාවේ දැක්වේ.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන ප්‍රධාන කරුණු සාකච්ඡා කිරීමෙන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රධාන නිර්දේශ පහක් ලබා දී ඇත.

එම නිර්දේශ හඳුන්වා දෙමින් සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසරත්වය ඇති කළ යුතු බවත් ඒ සඳහා ආසන්න කාලයේ සහ මධ්‍ය කාලයේ අවශ්‍යතා ආවරණය කරමින් විශ්වාසනීය සහ පැහැදිලි හා අඛණ්ඩ උපායමාර්ගයක් ස්ථාපිත කළ යුතු බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිර්දේශ කර තිබේ. ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විශේෂිත ක්‍රියාමාර්ග සමඟ ප්‍රතිපත්ති මාලාවක් නිර්දේශ කර තිබේ.

සැලකිය යුතු ආදායම් පදනම් කරගත් රාජ්‍ය මූල්‍ය ඒකග්‍රතාව. ප්‍රතිසංස්කරණවලදී එකතු කළ ආදායම මත බද්ද (වැට් - VAT) සහ ආදායම් බදු ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු ය. එය කළ යුත්තේ අනුපාත වැඩි කරමින් සහ පදනම පුළුල් කිරීමේ ක්‍රියාමාර්ග හරහා ය. රාජ්‍ය මූල්‍ය වෙනස් කළ යුත්තේ බලශක්ති මිල ගණන්වල ප්‍රතිසංස්කරණවලට අදාළව. පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායවලින් එල්ල වන රාජ්‍ය මූල්‍ය අඩු කිරීම අරමුණු කරගත යුතු ය. ආයතන ගොඩනැගීමේ ප්‍රතිසංස්කරණ කළ යුතු අතර රාජ්‍ය මූල්‍ය නීතිය හරි ගැස්සවීම යනාදිය ඊට ඇතුළත් වේ. මේවා මඟින් උපායාමර්ගයේ විශ්වාසනීයත්වය තහවුරු කළ යුතු ය.

ණය තිරසරත්වය නැවත ස්ථාපිත කිරීම සඳහා පුළුල් උපායමාර්ගයක් වැඩි දියුණු කිරීම.

උද්ධමන ඉලක්ක තහවුරු කර නොගැනීමට නොහැකි වීම තාවකාලික කරුණක් බව තහවුරු කිරීම සඳහා ආසන්න කාලයේ දී මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීම. එමඟින් ශ්‍රී ලංකා මහ සතුව තිබෙන අති විශාල භාණ්ඩාගාර බිල්පත් තැන්පතු ලිහා දැමීම සඳහා මෑතකදී ක්‍රියාත්මක කරන ලද ප්‍රතිපත්ති පිළිගන්නා අතර මුදල් අමාත්‍යාංශයේ සමීප සම්බන්ධීකරණය යටතේ එය අඛණ්ඩව ක්‍රියාත්මක කළ යුතු වේ.

වෙළෙඳපොළ මඟින් තීරණය කෙරෙන සහ නම්‍යශීලී විදේශ විනිමය අනුපාතිකයක් සඳහා ක්‍රමයෙන් ගමන් කළ යුතු ය. විනිමය අනුපාතිකයේ අවුල් සහගත චලන සිදුවීම වැළැක්වීම සඳහා සංක්‍රමණ ක්‍රියාවලිය (මාරු වීමේ) පරෙස්සමෙන් කළ යුතු වේ. එමෙන්ම එය පුළුල් සාර්ව ආර්ථික සැකසුමේ කොටසක් ලෙස ක්‍රියාත්මක කළ යුතු ය.

වියදම් වැඩි කරමින් සමාජ ආරක්ෂණ දැල් ශක්තිමත් කළ යුතු ය. ඒවායේ ආවරණය වැඩි කළ යුතු අතර සාර්ව ආර්ථික වෙනස්කම්වලින් අවදානම් සහගත කණ්ඩායම්වලට එල්ල වන බලපෑම් අවම කිරීම හෝ වෙනතකට හැරවීමට හෝ එම ක්‍රියාමාර්ග ගත යුතු ය.


RECOMMEND POSTS