ආර්ථික තත්ත්වය පිළිබඳ අදහස් දුර්වල වෙනවා



මෙරට ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් තිබෙන මත සහ අදහස් දුර්වල වෙමින් තිබෙන බව ප්‍රධාන පෙළේ ව්‍යාපාරික සඟරාවක් වන එල්.එම්.ඩී. සඟරාව වාර්තා කරයි.

එල්.එම්.ඩී. සඟරාව සිය මාර්තු කලාපයේ මේ බව දක්වා ඇත්තේ “එල්.එම්.ඩී. - නීල්සන් ව්‍යාපාරික විශ්වාසය දර්ශකය (“LMD-NielsenIQ Business Confidence Index (BCI)) පදනම් කරගනිමිනි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් පෙබරවාරි මාසයේ පළමු සතියේ දී මෙම සමීක්ෂණය සිදු කර තිබෙන අතර එහිදි බොහෝදෙනකු අදහස අඳුරු ඡායාරූපයක් පෙන්නුම් කර ඇත.

ඉදිරි මාස 12 සම්බන්ධයෙන් ව්‍යාපාරික කවවල මත සහ දැක්ම සුබවාදී නොවන බව එහි දැක්වේ

සමීක්ෂණයට සහභාගී වූ පිරිසෙන් සියයට 76ක් පවසා ඇත්තේ වත්මන් තත්ත්වය තවදුරටත් නරක අතට හැරෙනු ඇති බව යැයි එල්.එම්.ඩී. සඟරාව සඳහන් කරයි.

මේ අතර ආර්ථිකය වර්ධනය වනු ඇතැයි සියයට 7කට ආසන්න පිරිසක් පවසා ඇති අතර පවතින තත්ත්වය දිගටම පවතිනු ඇතැයි සියයට 17ක් පවසා ඇත.

ඩේලි එෆ්.ටී. ඇසුරිනි


RECOMMEND POSTS