අයකරන ගාස්තු අඩු කිරීමේ යෝජනාවක්



සියලුම පුනර්ජනනීය බලශක්ති මත පදනම්ව, විදුලි සැපයුම් සඳහා ජාතික ජාලයට අයකරන ගාස්තු අඩු කිරීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලය ‌ඉදිරිපත් කිරීමට නියමිත බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි‍.

මෙම යෝජනාව අනුමත වුවහොත්, සූර්ය පැනල, කුඩා ජල විදුලි, සුළං, ජෛව ස්කන්ධ සහ නාගරික ඝන අපද්‍රව්‍ය කොන්ත්‍රාත් යටතේ ජනනය කරන සෑම විදුලි ඒකකයක් සඳහාම ගෙවන මිල සැලකිය යුතු ලෙස අඩු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට හැකියාව ලැබෙනු ඇතැයි පැවැසෙයි‍‍.

පළමු වතාවට, බැටරි බලශක්ති ගබඩා පද්ධති සහිත වහල මත සූර්ය පැනල සහ සූර්ය කෝෂ පද්ධති සඳහා ද ගාස්තුවක් යෝජනා කර ඇත‍. කෙසේ නමුත්, මෙම වෙනස්කම් මීට පෙර පුනර්ජනනීය බලශක්ති අංශයේ දැඩි විරුද්ධත්වයට ලක් වූ බව ද පැවැසෙයි‍.

පෙර කොන්ත්‍රාත්තුවලට අදාළ ගිවිසුම්වලට අනුකූලව පෙර පැවති ගාස්තු යටතේම ගෙවීම් සිදුවනු ඇතැයි වාර්තා වේ.
කිලෝ වොට් 500 දක්වා විදුලි සැපයුම් සිදු කරන, වහල මත සූර්ය පැනල ස්ථාපිත කළ සූර්ය පැනල හිමිකරුවන්ට, ඒකකයකට රුපියල් 37ක් හිමිවන අතර, 2024 ජූලි මස හෝ පසුව (ගාස්තු අවසන් වරට සංශෝධනය කළ විට) ගිවිසුම් අත්සන් කළ සූර්ය පැනල හිමිකරුවන්ට හිමිවන්නේ රුපියල් 27.06 කි.

නව යෝජනාව කිලෝවොට් 20 දක්වා වහල මත සූර්ය පැනල සඳහා ඒකකයක මිල රුපියල් 19.61 දක්වා පහත වැටෙනු ඇතැයි ද පැවැසෙයි.

කිලෝවොට් 20 ට වැඩි සහ කිලෝවොට් 100 දක්වා ඒකකයක මිල රුපියල් 17.46 දක්වා පහත වැටෙනු ඇති අතර, කිලෝවොට් 100 ට වැඩි සහ කිලෝවොට් 500 දක්වා ඒකකයක මිල රුපියල් 15.49 දක්වා පහත වැටෙනු ඇති බව ද පැවැසෙයි. කිලෝවොට් 500 ට වැඩි සහ මෙගාවොට් 1 ට අඩු ඒකකයක මිල රුපියල් 15.07 දක්වා පහත වැටෙනු ඇති අතර, සහ මෙගාවොට් 1 සහ ඊට වැඩි ඒකකයක මිල රුපියල් 14.46 දක්වා පහත වැටෙන් ඇති බව ද බලධාරීහු පෙන්වා දෙති.

(සන්ඩේ ටයිම්ස්)


RECOMMEND POSTS