Cinnamon Hotels & Resorts සංචාරක සමය ඇරැඹේ



ඔබේ සවාරි නැවතත් අරඹමින් ආනන්දනීය වූ නිවාඩු සමයන් ගත කිරීමට Cinnamon Hotels & Resorts වෙතින් දැන් නව තම පැකේජයන් පෙළක් හඳුන්වා දී තිබේ.

ඕනෑම සංචාරයකයෙකුගේ සිතැඟි සපුරා ලිය හැකි වන පරිදි ගොඩනංවා ඇති, දිවයින පුරා විහිදී තිබෙන දර්ශනීය හෝටල් සමූහයක හිමිකාරීත්වය දරන Cinnamon Hotels & Resorts සමාගමේ හරහා රට තුල සංචරනයට නව අරුතක් ලබා දීමට බලාපොරොත්තු වෙයි.

2020 අගෝස්තු මස 10 වන දා සමාගම ශ්‍රී ලාංකික සංචාරකයින්ට නිවාඩු පාඩුවේ සවාරි යෑමට නැවතත් අවස්ථාව උදාකර දෙන්නේ සංචාරක වාරණ ඉවත්කිරීමත් සමග රට තුල ජීවන රටාව නැවත යථා තත්වයට පත්වීමේ වාතාවරනයක් තුළදී ය.

මේ සඳහා එම ආයතනය විසින් ඕනෑම සංචාරයකයෙකුගේ අවශ්‍යතා සපුරාලීමට හැකිවන පරිදි සුවිශේෂී පැකේජයන් රැසක් හඳුන්වා දී තිබේ.

ඔබ යහළු යෙහෙළියන් සමගින් විනෝද ගමනක් යෑමට සූදානම් වන අයකු වූවත්, තම සිත්ගත් ආදරවන්තයා හෝ ආදරවන්තිය සමඟ සොඳුරු නිවාඩුවක් ගතකීරීමට බලාපොරොත්තු වන අයෙකු වූවත්, එසේ නොමැතිනම් හුදකලාවේ චමත්කාරයත් සමඟින් තනිව සවාරියක් යෑමට අදිටන් කරගෙන සිටින අයෙක් වුවත්, රටපුරා විහිදී තිබෙන Cinnamon හෝටල සමූහය තුල ඔබ සැම බලාපොරොත්තු වන අත්දැකීම් විඳ ගැනීමට හැකියාවක් පවතී.

Cinnamon Wild හෝටලයේ රැඳෙමින් යාල ජාතික වනෝද්‍යානයේ වන අසිරිය විඳීමට, මින්නේරිය වැව් තාවුල්ලට එක්වන අලිරංචු නැරඹිමට හෝ හබරණ Cinnamon Lodge හෝටලයේ සිට ඓතිහාසික පොළොන්නරුව නගරයේ පුරාතනික නටඹුන් ගවේශනය කිරීම ආදී විවිධත්වයකින් යුතු සංචරන අත්විඳීමට සංචාරකයින්ට මෙමගින් අවස්ථාව උදාවනවා.

නිවාඩුවක් ගත කිරීමට බලාපොරොත්තු වන අයට මෙන්ම, වැඩ කරන ගමන් නිවාඩුවක සිරිය විඳීමට නගරයෙන් පිට ස්වභාව සෞන්දර්යෙන් පිරි නිසල නවාතැනක් සොයන සැමටත් Cinnamon Hotels & Resorts වෙතින් සුවිශේෂී පැකේජ රැසක් හඳුන්වා දී තිබේ.

යාල ක්‍සබබ්පදබ උසකා හෝටලයේ රැඳෙමින් යාල ජාතික වනෝද්‍යානයේ වන අසිරිය විඳීමට, මින්නේරිය වැව් තාවුල්ලට එක්වන අලිරංචු නැරඹිමට හෝ හබරණ Cinnamon Lodge හෝටලයේ සිට ඓතිහාසික පොළොන්නරුව නගරයේ පුරාතනික නටඹුන් ගවේශනය කිරීම ආදී විවිධත්වයකින් යුතු සංචරන අත්විඳීමට සංචාරකයින්ට මෙමගින් අවස්ථාව උදාවනවා.

එමෙන්ම පරවි දූපත අසල කිමිදීම මෙන්ම තල්මසුන් නැරඹීම ද Trinco Blu by Cinnamon හෝටලයේ රැඳෙමින් ඔබට සිදු කල හැකිය. ත්‍රාසයට ප්‍රිය කරන ඔබට වඩාත් සුදුසුවන්නෙ Cinnamon Bey Beruwala හෝටලයේ රැඳෙමින් බෙන්තොට ගංගාවේ ජල ක්‍රීඩා කිරීමය.

නකල්ස් කඳු පන්තිය තරණය කිරීමට හෝ උඩවත්ත කැලේ තුරු ඇවිදිමින් ස්වභාව සෞන්දර්ය රසවිඳීමට මහනුවර Cinnamon Citadel හෝටලයේ නවාතැන් ගැනීමෙන් ඔබට අවස්ථාව උදා කරගත හැකියි. Bentota Beach හෝටලයේදී ඔබට ආසියාතික ගෘහනිර්මාණ ශිල්පීය විශිෂ්ටත්වය සියැසින් දැකබලා රසවිඳීමට හැකිවනු ඇත.

සදාමතකයේ රැඳෙන සවාරි අත්දැකීමවලට අමතරව, ලොව ප්‍රචලිත භෝජන කලාවන්ට අනුකූලව, ප්‍රවීනත්වයෙන් අනූනවූ සුපවේදීන් අතින් නිර්මාණශීලීව නිමවූ ප්‍රණීත ආහාරපාන සහිත රස සවාරියක ද හොටල් විසින් ඔබ රැගෙන යනු ඇත. මෙහිදී buffet හෝ a la carte ක්‍රමයට ඔබ රිසි ඔබේ සිතැඟි පරිදි ආහාර රස විඳීමටද අවස්ථාව උදාවනු ඇත.

දිවයින පුරා විහිදී තිබෙන මනස්කාන්ත හෝටල් සමූහය සමගින් අසීමාන්තික ගමනාන්තයන් පෙළක දී එකිනෙකට වෙනස්වූ ප්‍රබෝධමත් සංචරන අත්දැකීම් ඔබට සමීප කරවීමට Cinnamon Hotels & Resorts සැරසෙන්නේ දැරිය හැකි මිලකට ඕනෑම සංචාරකයෙකු ට අමතක නොවන අත්දැකීමක් ලබා දීමටය.

Cinnamon Care යනු Cinnamon හෝටල සමූහයට ආවේනිකවූ සත්කාර සහ සුපිරිසිදුබව සහතික කිරීමේ ක්‍රමවේදය සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශනයන්ට අනුකූල වන බැවින් Cinnamon හෝටල් සෞඛ්‍යාරක්ෂාව සහ සනීපාරක්ෂාව අතින් ඉහල ස්ථානයක පවතී.

පැමිණෙන මොහොතේ සිට පිටවීම තෙක් පිහිනුම් තටාක, ශරීර සුවතාගාරයනා දී වූ අමුතතන් විසින් පොදුවේ පරිහරණය කරන සෑම කොටසක් ම මනාව පිරිසිදු කිරීම සනීපාරක්ෂාව සහතික කිරීමට උපකාරී වන ප්‍රායෝගික ප්‍රවේශයක් අනුගමනය කරන Cinnamon හෝටල් තුළ මනාව සිදු කෙරේ.

නවතම පැකේජයන් පිළිබඳ තොරතුරු www.cinnamonhotels.com වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකිවන අතරම, මෙම දීමනා ලබා ගැනීමට 011 2161161 ඇමතීමෙන් හෝ [email protected] විද්‍යුත් තැපැල් ලිපිනයෙන් ලබා ගත හැකිය.

 


RECOMMEND POSTS