සෞදි අරාබි ගුවන් සේවයට නව ගුවන් යානා 63ක්



සෞදි අරාබි ගුවන් සේවය නවීකරණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ නව ගුවන්යානා 63 ක් මිලදී ගැනීමට සෞදි අැරැබියන් ගුවන්සේවා පාලනාධිකාරිය තීන්දු කර ඇතැයි රොයිටර් පුවත්සේවය සදහන් කරයි.

ඒ අනුව බෝයිං B777-300ER වර්ගයේ ගුවන් යානා 15ක්ද ,  BOEING B787 Dremliners වර්ගයේ ගුවන්යානා 13ක්ද , එයාර් බස් A320 වර්ගයේ සහ A321- neo ගුවන්යානා 35ක්  මෙම නව ගුවන්යානා මිලදී ගැනෙන අතර ඒවා නුදුරේදීම තම ගුවන්සේවය වෙත එක් කෙරෙන බව සෞදි අැරැබියන් ගුවන්සේවයේ අධ්‍යක්ෂ ජනරාල් සලේහ් බින් නසාර් අල් ජසීර් මහතා එම පුවත් සේවයට අදහස් දක්වමින් කියා සිටියේය.

වඩාත් නිදහස් ගුවන් සේවාවක් දේශීය වශයෙන් දියත් කරන බව සෞදි ඇරැබියන් ගුවන්සේවය 2012 වසරේදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව එම ගුවන්සේවය සෞදි ජනතාව අතර වඩාත් ප්‍රචලිතව ආදායම් පවා වර්ධන විය.

සෞදි ඇරැබියන් ගුවන්සේවය වර්තමානයේ සෞදි රජයේ නිල ගුවන්සේවය වන අතර ඉකුත් වසරේදී දෙස් - විදෙස් ගමනාන්ත 119 ක් කරා පියසර කළ අතර එය මේ වන විට ගමනානත් 200ක් දක්වා ඉහළ නැංවීමට එම ගුවන්සේවා පාලනාධිකාරිය කටයුතු කර ඇත.


RECOMMEND POSTS