සංශෝධිත ඉන්ධන මිල නිකුත් වේ
මෙම වසරේ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ඉන්ධන මිල ගණන් තුන්වන වරටත් පහත යමින් ජුලි මාසයට අදාල වන ඉන්ධන මිල ගණන් එමිරේට්ස් බලශක්ති අමාත්‍යාංශය නිකුත් කර ඇත.
ජුනි මාසය හා සංසන්දනය කරන විට ජුලි මාසයේ 5%කින් ඉන්ධන මිල ගණන් පහළ ගොස් ඇත.
සුපර් 98 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල එමිරේට්ස් ඩිරාම් 1.96 සිට 1.86 (5.10%) දක්වා ද, විශේෂ 95 වර්ගයේපෙට්රල්ලීටරයකමිලඑමිරේට්ස්ඩිරාම් 1.85සිට 1.75 (5.40%) දක්වාද, ඉ-ප්ලස් 91වර්ගයේපෙට්රල්ලීටරයකමිලඑමිරේට්ස්ඩිරාම් 1.78සිට 1.68 (5.61%) දක්වාඅඩුවීඇත.
ඩීසල් ලීටරයක මිල එමිරේට්ස් ඩිරාම් 1.97 සිට 1.84 (6.59%) දක්වා අඩුවී ඇත.
සියළු සංශෝධිත ඉන්ධන මිල ගණන් ජුලි 01 දින සිට ක්‍රියාත්මක කරන බව එමිරේට්ස් බල ශක්ති අමාත්‍යාංශය නිවේදනය කළේය.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ඇරේබියන් බිස්නස් පුවත් ඇසුරෙනි)