මැදපෙරදිග ඉන්ස්ට්‍රගෑම් පරිශීලකයන් මිලියන 65 ක්
මැදපෙරදිග හා උතුරු අප්‍රිකානු කලාපයේ ඉන්ස්ට්‍රගෑම් සමාජජාලය පරිශිලකයින්ගේ සංඛ්‍යාව මිලියන 63 දක්වා ඉහළ ගොස් ඇති අතර මුළු සමස්ථ පරිශිලකයින්ගේ සංඛ්‍යාව මිලියන 700ක් බව ඉන්ස්ට්‍රගෑම් ආයතනය ප්‍රකාශ කළේය.
අවසන් මිලියන 100ක පරිශිලකයින් සංඛ්‍යාව ඉතා වේගයෙන් තම සමාජජාලයට එක්වු බව පෙන්වා දෙන අතර
නව විශේෂාංග රාශියක් පරිශීලකයින්ට පහසුවෙන් භාවිතා කලහැකි ආකාරයෙන් හඳුන්වා දුන් නිසා බොහෝ දෙනෙකු තම සමාජජාලය භාවිතා කිරීමට වැඩි කැමත්තක් දක්වන අතර එය වෙන කවරදාටවත් වඩා වැඩි වේගයකින් පරිශිලකයින් සංඛ්‍යාවක් තම සමාජජාලය සමඟ එකතු වී ඇති බව ඉන්ස්ට්‍රගෑම් ආයතනය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
2010 වර්ෂයේදි ආරම්භ වූ මෙම සමාජජාලය වසර දෙකක් ඇතුලතදී පරිශිලකයින්ගේ සංඛ්‍යාව දෙගුණයකින් වැඩි වී ඇති බව අරාබියන් බිස්නස් වෙබ් අඩවිය පෙන්වා දෙයි.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
ජී.ඩී.එන්. ඔන්ලයින් ඇසුරිනි