පැය 24 පුරා ඕනෑ වේලාවක රසම රස කෑම



බොහෝ දෙනා පුලපුලා බලා සිටි බ්ලූමින්ග් බ්‍රෙක්ෆස්ට් - රෙස්ටෝ බාර් සහ කැෆේ  කොළඹ නිදහස් චතුරශ්‍ර ආකේඩ් පරිශ්‍රයේදී විවෘත කෙරුණි.

එම අවස්ථාවට මාධ්‍ය සගයන් පමණක් නොව, රස කෑම වර්ග සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචලිත කරන බ්ලොග්කරුවන්ට ද ඇරැයුම් ලැබුණි. ඒ අනුව, රස නහර පිනා යන ආහාර එකතුවක රස බැලීමට නිදහස් චතුරශ්‍ර ආකේඩ් පරිශ්‍රයේ විවෘත වුණු බ්ලූමින්ග් බ්‍රෙක්ෆස්ට් - රෙස්ටෝ බාර් සහ කැෆේ  වෙත පැමිණෙන්නැයි එහා පාලන අධිකාරිය කාට කාටත් ඇරැයුම් කරයි.

උදෑසන හෝ රාත්‍රී ​ආදී වශනේ නොව, කැමති කැමති වෙලාවට කැමති කැමති දේ රස බැලීමට සුදුසුම තැන නිදහස් චතුරශ්‍රයේ සම්පත් බැංකු ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය ඉදිරිපිට පිහිටි බ්ලූමින්ග් බ්‍රෙක්ෆස්ට් - රෙස්ටෝ බාර් සහ කැෆේ  බව අමුතුවෙන් කිවයුතු නොවෙයි.ලෝකයේ නා නා විධ කෑම වට්ටෝරු, සිතැඟි පරිදි, දවසේ ඕනෑම විටෙක ලබා ගැනීමට (මධ්‍යම රාත්‍රියේ හෝ පාන්දර 3 ට පවා) ඇති එකම තැන පැය 24 පුරා ක්‍රියාත්මක බ්ලූමින්ග් බ්‍රෙක්ෆස්ට් - රෙස්ටෝ බාර් සහ කැෆේ ය.

ගෝලීය අත්දැකීමක් ලබා ගනිමින් ඇමරිකානු, ඉතාලි, ප්‍රංශ, ඕස්ට්‍රේලියානු ප්‍රියතම ආහාර සහ ජපන් ආහාර වර්ග රැසක් බ්ලූමින්ග් බ්‍රෙක්ෆස්ට් - රෙස්ටෝ බාර් සහ කැෆේ හරහා ලබා ගත හැකිය. සුහදශීලී සේවක මණ්ඩලයක් සහ අති දක්ෂ සූපවේදීහු කණ්ඩායමක් බ්ලූමින්ග් බ්‍රෙක්ෆස්ට් - රෙස්ටෝ බාර් සහ කැෆේ එක් වී සිටිති.

බ්ලූමින්ග් බ්‍රෙක්ෆස්ට් - රෙස්ටෝ බාර් සහ කැෆේ මෙනුවල විස්තර ඇතුලු බ්ලූමින්ග් බ්‍රේක්ෆස්ට් ගැන වැඩි විස්තර සඳහා කරුණාකර www.bloomingbreakfast.com වෙත පිවිසෙන්න.


RECOMMEND POSTS