නවතම කොකාකෝලා කර්මාන්ත ශාලාවක් සවුදි ආරාබියට



 

කොකා-කෝලා සමාගමසවුදි අරාබියේ  සුඩාර් නගරයේ, 2019  ආරම්භ කිරීමට සූදානම් වන නවකොකාකෝලා බෝතල් ඇසුරුම් කර්මාන්ත ශාලාව පිළිබදව අපේක්ෂිත සැලසුම් මේ වනවිට ප්‍රසිද්ධියට පත් කර ඇත.

මෙම කර්මානත් ශාලාව වර්ග මීටර 187,000 ඉක්මවා යනු ඇත, මෙම කර්මාන්ත ශාලාව මගින් රැකියා අවස්ථා200 වඩා නිර්මාණය කිරීම මෙන්ම  සිසිල් බීම, වතුර බෝතල් කිරීම ඇතුළත් වේ.

මේ සදහා සවුදි රියාල් මිලියන 300 ක් දක්වා මුදලක් ආයෝජනය කරනු ඇත.

සෞදි අරාබියේ රාජ්ය තුල  කොකා-කෝලා සමාගමේ මෙහෙයුම් සදහා සහාය දීම ප්‍රධාන භූමිකාවක් ඉටු කරනු ඇත, අමතර නිෂ්පාදන සහ ධාරිතාවන් මෙමගින් එක්කර ගනු ඇත.

මෙම නව කර්මාන්ත ශාලාව මගින් කොකා-කෝලා සමාගමේ ධාරිතාවය, ඵලදායීතාව ,හැකියාව එමෙන්ම යොදාගන්නා තාක්ෂණය මගින් එම සමාමට වාසිදායක වනු ඇත.

කොකා-කෝලා සමාගම විසින් සුදරින් නගරය තෝරා ගැනීමට හේතුව වන්නේ එහි මූලෝපායික වශයෙන් වැදගත්කම මෙන්ම, එහි අනිකුත් නිෂපාදන පහසුකම් ලබාගැනීමට පුළුවන් හොද පසුබිමක් නිර්මාණය වීම නිසාය. එමෙන්ම එය දුම්රිය මාර්ගයේ සන්ධිස්ථානයක පිහිටීම හේතුවෙන් හා රියාද් අගනුවර ඇති සමීපත්වය.නිසාය.


RECOMMEND POSTS