තෙල් මිල ආයෙත් පහළට



බොරතෙල් මිල පාලනය කිරීම සඳහා නිෂ්පාදනය සීමා කිරීමට ඔපෙක් සංවිධානයේ ඉරානය සහ සෞදිය එකඟතාවකට පැමිණියද සඳුඳා දිනයේදී නැවතත් තෙල් මිල ගණන් පහත ගියේය. 

එකඟතාවකට පැමිණිය ද වෙළෙඳපොළ කොටස දීමට ඉරානය, ඉරාකය සහ සෞදි අරාබියාව මැලිවීම මෙලෙස ඛනිජ තෙල් මිල ගණන් නැවත පහළ යෑමට හේතුවිය. 

සැප්තැම්බර් මාසයේ ඔපෙක් සංවිධානයේ නිෂ්පාදනය දිනකට බොරතෙල් බැරැල් මිලියන 33.60 වූ අගෝස්තු මාසයේදී එය දිනකට බොරතෙල් බැරැල් මිලියන 33.53 ක් විය. මෙය ඉතිහාසයේ වැඩිම අගයන් යැයි ද රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබුණි.

ඛනිජතෙල් නිෂ්පාදනය සීමා කිරීමට ඔපෙක් සංවිධානය පසුගිය සතියේ තීරණය කිරීමත් සමඟ දිනකට බොරතෙල් බැරැල් නිෂ්පාදනය මිලියන 32.5ත් 33.0ත් අගයක් ගත්තේය. කෙසේ වෙතත් ප්‍රතිපත්ති තීරණ ගැනීම සඳහා ලබන මස පැවැත්වෙන ඔපෙක් සංවිධානයේ සාමාජිකයන්ගේ හමුවේදී ඛනිජ තෙල් මිල ගණන් සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ඇතැයි වාර්තා වේ. 

පරිභෝජනයට ගැලපෙන අයුරින් නිෂ්පාදනය කරමින් නිෂ්පාදනය සීම නොකළහොත් තවදුරටත් තෙල් මිල ගණන් පහත යනු ඇතැයි වාණිජ කටයුතුවල නිරත වෙන්නෝ පෙන්වාදෙති. 

 


RECOMMEND POSTS