ඛනිජ තෙල් මිල යථා තත්ත්වයට



 

 

ඛනිජ තෙල් මිල ගණන් සඳුඳා (26) දිනයේදී යථා තත්ත්වයට පත්විය. තෙල් නිමවුම සීමා කිරීමට හෝ ඇවිරීමේ තීරණයකට මේ සතියේ පැවැත්වෙන් ඔපෙක් නිෂ්පාදකයන්ගේ හමුවේදී තීරණය කෙරෙනු ඇතැයි වාර්තා වේ. 

මෙම තත්ත්වය වාර්තා වූයේ ගිය සිකුරාදා තෙල් මිල ගණන් සියයට 4කින් පහත වැටීමෙන් අනතුරුවය. කෙසේ වෙතත් තෙල් නිෂ්පාදනය සීමා කිරීමට මූලික එකඟත්වයකට පැමිණීමට සෞදි අරාබියාව හා ඉරානය එකඟත්වයකට පැමිණ ඇත. 

ඇල්ජීරියාවේ පැවැත්වෙන ජාත්‍යන්තර බලශක්ති සමුළුවට සමගාමීව ඔපෙක් සංවිධානයේ (ඛනිජ තෙල් අපනයන කරන රටවල්) සාමාජිකයන්ගේ හමුවක් ද පැවැත්වීමට නියමිතය. එහිද තෙල් නිෂ්පාදනය සීමා කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට ද නියමිතය. 


RECOMMEND POSTS