කුවේට් තෙල් මිල පහතට



කුවෙටයේ බොරතෙල් බැරලයක මිල ඉකුත් සිකුරාදා සත 28කින් ඇමෙරිකානු ඩොලර් 41.02ක් දක්වා පහත වැටුණිග ඊට පෙර දිනයේ බොරතෙල් බැරලයක මිල දැක්වුණේ ඇ.ඩො 41.30ක් ලෙසට යැයි ද කුවෙට් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කර තිබුණි.

                ජාත්‍යන්තර වෙළෙඳපොළේ ද බොරතෙල් මිල ගණන් පහත ගොස් ඇතැයි වාර්තා වේ. ප්‍රධාන අපනයනකරුවන්ට පොදු එකඟතාවකට පැමිණීමකට නොහැකි වීම ඊට හේතු වූ බව වාර්තා විය. එමෙන්ම වසර දෙකකට පෙර ඛනිජ තෙල් මිල ගණන් පහත වැටීමෙන් අනතුරුව ඇමෙරිකා එක්සත් ජනපදය ඉදිරියේදී විදීම් උපකරණවල ඉහළම සංඛ්‍යාව වාර්තා කරනු ඇතැයි ද වාර්තා විය.

                මේ අතර බ්‍රෙන්ට් බ්ලෙන්ඞ්’ ඛනිජ තෙල් මිල ගණන් :බොරතෙල් බැරලයක මිල ඇ.ඩො 1.76කින් ඇගඩො 45.89ක් අඩු වූ අතර බටහිර ටෙක්සාස් හි බොරතෙල් බැරලයක මිල ඇ.ඩො 1.84කින් ඇ.ඩො.44.48ක් දක්වා අඩුවිය.


RECOMMEND POSTS