කටාර් ගුවන් සමාගමට ඇ.ඩො බිලියන 18.6ක ගුවන් යානා
සිය ගුවන් සමාගම ඇමෙරිකානු ඩොලර් බිලියන 18.6ක ගුවන් යානා මිලට ගැනීමට තිරණය කර ඇති බව කටාර් ගුවන් සමාගම පසුගියදා ප්‍රකාශ කර සිටියේය.
ඒ අනුව කටාර් ගුවන් සමාගම බෝයින් ගුවන් සමාගමෙන් නවීන පන්නයේ බෝයින් 787 වර්ගයේ ගුවන් යානා 30ක්ද, බෝයින් 77 වර්ගයේ ගුවන් යානා 10ක් මිලදී.ගැනීමට නියමිතය.
මෙම සියළු ගුවන් යානා පුළුල් බද සහිත ගුවන් යානා වන අතර මෙහි වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 11.7ක් වේ.
කටාර් සමාගම තවදුරටත් තම ගුවන් යානා අවශතාවය වැඩිකර ගැනීම සදහා පටු බඳ සහිත බෝයින් 737ගුවන් යානා 60ක් දක්වා මිලට ගැනීමට අවශ්‍ය ගිවිසුම් අත්සන් කර ඇති අතර එහි වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 6.9ක් වේ.
මේ අතර ප්‍රධාන විධායක නිලධාරී අල්-බේකර් කියා සිටියේ මෙය ඉතිහාසයේ විශාල ඇනවුමක් බවත් එය ගුවන් ගමන් ඉල්ලුම සපුරාලීම සදහා උපකාරි වනු ඇති බවත්ය..
තම ආයතනය හා කටාර් ගුවන් සමාගම අතර ඇති වසර ගණනාවක සම්බන්ධය තවදුරටත් වර්ධනය හා ශක්තිමත් වන බවත් තම ආයතන කාර්ය මණ්ඩලය විසින් අවශ්‍ය ගුවන්යානා අංගයන් වැඩිකර අදාළ ගුවන් යානා කටාර් ගුවන් සමාගමට භාරදෙන කාලය පැමිණෙන තෙක් තමා ආශාවෙන් බලා සිටින බවත් බෝයින් ගුවන් සමාගමේ ප්‍රධන විධායක නිලධාරි, වානිජ ගුවන් යානා අංශය, රේ කොනර් මහතා මෙහිදී ප්‍රකාශ කර සිටියේය.