එක්සත් අරාබි එමිර් රාජ්‍යය ඖෂධ මිල අඩුකරයි



 

 

(යූ.ඒ.ඊ)

එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ ඖෂධ වර්ග 762ක මිල අඩු කිරිමට එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත. මෙම මිල ගණන් අඩු කිරීම සියයට 5 සිට සියයට 63 දක්වා පරාශයකින් යුක්තය.

මේවායින් ඖෂධ වර්ග 657ක මිල අඩුවීම මෙම වසරේ සැප්තැම්බර් 01දා සිට ක්‍රියාත්මක වන අතර අනෙක් ඖෂධ වර්ග 105 මිල අඩුවිම ක්‍රියාත්මක වන්නේ 2017 වසරේ ඩනවාරි 01දා සිටය.

මෙම මිල අඩු කිරීම මීට වසර පහකට පෙර ආරම්භ කරන ලද ඖෂධ මිල අඩුකිරීමේ වැඩ පිළිවෙලේ හත්වන සහ අවසාන අදියර වෙයි.

මෙවර මිල අඩුකරන ලද ඖෂධවලින් 135ක්ම හෘද රෝගවලට සම්බන්ධ ඒවා වන අතර 115ක් ස්නායු රෝග සම්බන්ධ ඒවාය. 84ක් ආසාදිත රෝග සඳහා වන අතර 72ක් ශ්වසන ආබාධ සඳහා දෙනු ලබන ඖෂධය.

2013 වසරේ සිදු  කරන ලද ඖෂධ මිල අඩු කිරීමෙන් පසුව සිදු කරන ලද දෙවැනි විශාලතම මිල අඩු කිරීම මෙය ලෙසින් සැලකේ. 2013 වසරේදී ඖෂධ වර්ග 6791ක මිල අඩු කිරීමට එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගත්තේය.


RECOMMEND POSTS