ඉරාක බොර තෙල් සංචිතය බැරල් බිලියන 143ක්.



ඉරාකය සතුව බොර තෙල් බැරල් බිලියන 143ක  (බැරල් කෝටි 14300) සංචිතයක් තිබෙන බව එරට ඛනිජ තෙල් පිළිබඳ ඇමැති ජබාර් අල් ලුආයිබි ප්‍රකාශ කළේය. ඉදිරි වසරවලදී එම සංචිතය බැරල් බිලියන 250 (කෝටි 25000) දක්වා ඉහළ යනු අඇතැයිද ඔහු විශ්වාසය පළ කළේය.

ඉරක ඛනිජ තෙල් ඇමැතිවරයා මේ බව අනාවරණය කළේ රුසියානු LUKOIL සමාගමේ සභාපති යූ ඇලෙක්පෙරොව් සමග පැවැති සාකච්ඡාවකදීය.

ඉදිරියේදී ආයෝජන සහ කොන්ත්‍රාත්තු බෙදා ගැනීම හරහා  LUKOIL සමාගමේ සහභාගිත්වය පුළුල් කරගෙන ඛනිජ තෙල් සහ ගෑස් නිෂ්පාදනය ඉහළ දැමීමට බලාපොරොත්තු වන බවද ඇමැතිවරයා බසඳහන් කළේයයි ඉරාක ඛනිජ තෙල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

විශාල තෙල් නිධිවල  වර්ධනය සඳහා ජාත්‍යන්තර සමාගම් විසින්, විශේෂයෙන් LUKOIL  සමාගම විසින්  ඉටු කරන ලද කාර්ය භාරයේ වැදගත්කම අගය කළ ඇමැතිවරයා සියලු පාර්ශවවල අරමුණු මුදුන්පත් කරගැනිම සඳහා ඉදිරියේදී සහයෝගිතාවය වැඩිකර ගැනිමට බලාපොරොත්තු වන බවද සඳහන් කළේය.


RECOMMEND POSTS