ඉන්දියාවේ තෙල් හා ගෑස් සංවර්ධනයට යූ.ඒ.ඊ සමාගම් උනන්දුයි



 

(එක්සත් අරාබි එමීර් රාජ්‍යය)

ඉන්දියාවේ  ඛනිජතෙල් හා ගෑස් නිධි සංවර්ධනය කිරීම සඳහා මිල ගණන් ඉදිරිපත් කිරිමට යූ.ඒ.ඊ. (එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ) සමාගම් ගණනාවක් ඉදිරිපත්වී ඇතැයි ඉන්දියාවේ ඛනිජතෙල් සහ ස්වාභාවික ගෑස් පිළිබඳ අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසූ බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

‘අපට ආයෝජකයන්ගෙන් යහපත් ප්‍රතිචාර ලැබී තිබෙනවා .කුඩා ඛනිජතෙල් හා ගෑස් නිධි සංවර්ධනය කිරීම සඳහා මුදල් ආයෝජනය කිරීමට කැමැත්ත පළකර දැනටමත් සමාගම් 10ත් 12ත් අතර සංඛ්‍යාවක් මිල ගණන් ඉදිරිපත්කර තිබෙනවා. එම මිල ගණන් කැඳවිම ඔක්තෝබර් මාසයේදී අවසන් කිරිමටයි බලාපොරොත්තුවන්නේ.‘ ඉන්දියාවේ ඛනිජ තෙල් හා ස්වාභාවික ගෑස් පිළිබඳ අමාත්‍යාංශයේ ප්‍රධාන තාක්ෂණ නිලධාරි ආර්.කේ.සිංහා පැවසීයයි රොයිටර් පුවත් සේවය පවසයි. ඉන්දියානු තෙල් හා ගෑස් අංශයේ ආයෝජන පිළිබඳව සොයා බැලීම සඳහා ආර්.කේ.සිංහා ඇතුළු නිලධාරින් පිරිසක් මේ දිනවල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක නිරතව සිටියි.

ඔහු පවසන අන්දමට ඉන්දියාවේ විවිධ ප්‍රදේශවල මේ වනවිට කුඩා ඛනිජ තෙල් සහ ගැස් නිධි 67ක් පමණ හඳුනාගෙන ඇත. එමගින් බලශක්ති සමාගම්වලට ඩොලර් බිලියන 3ක මුදලක් ආයෝජනය කිරීමට අවස්ථාව සැලසි ඇත.


RECOMMEND POSTS