ඇෆ්ඝනිස්තානය කටාර් ආයෝජන සොයයි
ඇෆ්ඝනිස්ථානයේ යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 6ක මුදලක් ආයෝජනය කිරීම සම්බන්ධයෙන් ඇෆ්ඝනිස්තානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සමාගම් කිහිපයක් අතර සාකච්ඡා පැවැත්වෙමින් තිබේ.
ඇෆ්ඝනිස්තානයේ බල ශක්ති සහ ජල සම්පත් අමාත්‍යාංශයේ නිලධාරින් කියා සිටියේ ඇෆ්ඝනිස්තානයේ බල ශක්ති ක්ෂේත්රය සඳහා ඩොලර් බිලියන නවයක ආයෝජනයක් අවශ්‍යව පවතින බවයි.
ඇෆ්ඝනිස්තානයේ බල ශක්ති සහ ජල සම්පත් ඇමති අලි අහ්මඩ් ඔස්මානි එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේදී මාධ්‍යෙව්දින් අමතමින් කියා සිටියේ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද ආයතනය ඇතුළු ඇෆ්ඝනිස්තානු ආධාර කණ්ඩායම ඩොලර් බිලියන 2ක මුදලක් ආයෝජනය කිරීමට බැඳී සිටින බවයි.
‘සියලු යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා ඩොලර් බිලියන 5 - 6 අතර පරතරයක් පවතිනවා‘ඩුබායිහි පැවැති සමුළුවක් අවසානයේදී ඇමැතිවරයා මාධ්‍යෙව්දින් අමතමින් කියා සිටියේය.
ඇෆ්ඝනිස්තානයේ ගෑස්, සූර්ය බල ශක්තිය සහ ජල විදුලි ව්‍යාපෘති සම්බන්ධයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සමාගම් කිහිපයක් සමග සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බවද ඇමැතිවරයා කියා සිටියේය.